gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නකල්ස් රැගෙන ගොස් සිය වාහනය තුළ දී දැරියන් අපයෝජනය කළ ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට

පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ බවට සැකපිට ලග්ගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ අද (29) දින සැකපිට අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ‘චන්දන රණසිංහ ‘ නම් ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරයෙකි.

අත්අඩංගුවට ගත් උපකාරක ගුරුවරයා මාතලේ නකල්ස් පරිසර පද්ධතියට දැරියන් රැගෙන ගොස් සිය වාහනය තුළ දී අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු රැසක් හෙළි වී ඇතැයි ලග්ගල පොලීසිය ප්‍රකාශ කරයි.

මීට දින කිහිපයකට පෙර උපකාරක පන්තියේ දැරියකගේ පියෙක් විසින් අදාළ උපකාරක පන්ති ගුරුවරයාට පහර දුන් බවට ද පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

එම පැමිණිල්ලෙන් පසු අදාල දැරිය කැඳවා දැරියගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී සිදුවී ඇති බොහෝ දේ හෙළිදරව් වී ඇත.

ඒ අනුව ලග්ගල, බකමූණ, නාවුල ප්‍රදේශවල ඉතා ප්‍රසිද්ධියක් උසුලන මෙම උපකාරක පන්ති ගුරුවරයා තම උපකාරක පංතියට පැමිණෙන සිසු සිසුවියන් අතර ප්‍රේම සම්බන්ධතා ගොඩනැගීමට අවස්ථාව සලසා දීම මෙන්ම ගුරුවරයා විසින් ද දැරියන් අපයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka