gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුසියානු න්‍යෂ්ටික බලාගාරය ශ‍්‍රී ලංකාව ප‍්‍රතික්‍ෂෙප කරයි..

රුසියාව විසින් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කරන ලද කුඩා ප්‍රමාණයේ මොඩියුලර් න්‍යෂ්ටික බලාගාර  ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇතැයි Sunday Times වාර්තා කරයි. මෑතකදී දිවයිනට පැමිණි රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මහතා සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාව කැමැත්ත පළ කරන්නේ නම් මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට රුසියාව සූදානම් බවයි. 

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ, ශ්‍රී ලංකාව මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දෙන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි පමණක් බවයි.

රුසියාව සමඟ න්‍යෂ්ටික බලාගාරයක් ස්ථාපනය කිරීම පිළිබඳ සාකච්ඡා වසර කිහිපයක සිට ක්‍රියාත්මක විය. පසුගිය මාර්තු මුලදී විදේශ අමාත්‍යවරයා හමුවූ රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් මහතා ද ඉන්ධන මිලදී ගැනීම් පිළිබඳ සාකච්ඡා අතරතුර මෙම න්‍යෂ්ටික විකල්පය පිළිබඳව නැවත මතක් කර දී තිබේ. 

රුසියානු යෝජනාවට මීට පෙර එකඟ වූයේ නම්, ශ්‍රී ලංකාවට අද වන විට බලශක්ති හිඟයකට මුහුණ දීමට සිදු නොවන බව තානාපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති විකල්පය පිළිබඳ ඉතිහාසය 2010 දක්වා දිවෙන අතර, ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් ද සිදු කර තිබුණි. 

එසේම 2023 වසරේදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය, ගොඩබිම හෝ මුහුදේ ස්ථාපනය කළ හැකි න්‍යෂ්ටික බලාගාරයක් සම්බන්ධයෙන් වූ රුසියානු යෝජනාව පිළිබඳව ද අවධානය යොමු කර තිබුණි.

රුසියාව මේ වන විටත් ඉන්දියාව, චීනය සහ බංග්ලාදේශය වැනි කලාපීය රටවල න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම් සිදු කරනු ලබයි. එහෙත් මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය භාවිත කිරීමට මෙතෙක් තීරණාත්මක පියවරක් ගෙන නොමැත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka