gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකා භටයන් ඉරානයට පැන කඩා වැටුනු යානයේ නියමුවා ගෙන යයි...

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති මගින් බිම හෙලන ලද අමෙරිකානු ප්‍රහාරක යානයක සිට අතුරුදන්ව සිටි දෙවන ගුවන් භටයා ද බේරා ගැනීමට අමෙරිකානු ආරක්ෂක අංශ සමත්ව තිබේ. ඉරානය සහ අමෙරිකාව අතර යුදමය තත්ත්වය උත්සන්න වී ඇති පසුබිමක, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබාදුන් අවසාන කාලසීමාව අවසන් වීමට තවත් පැය 48ක් පමණක් ඉතිරිව තිබියදී මෙම මෙහෙයුම සාර්ථක වී ඇත.

ඉරාන ප්‍රහාරයකින් බිම හෙලන ලද F-15 වර්ගයේ ප්‍රහාරක යානයේ ගුවන් භටයන් දෙදෙනෙකු සිටි අතර, ඉන් පළමු වැන්නා මීට පෙර සොයා ගැනීමට හැකි විය. දෙවන ගුවන් භටයා ද මේ වන විට නිරුපද්‍රිතව බේරාගෙන ඇති බව අමෙරිකානු නිලධාරීන් තහවුරු කළ ද, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිදරව් කර නොමැත.

මෙම සිදුවීමත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුම හරහා ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත. ඉරානය සමඟ ගිවිසුමකට එළඹීමට හෝ උපායමාර්ගික වශයෙන් වැදගත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ලබාදුන් දින 10ක කාලය තව පැය 48කින් අවසන් වන බව ඔහු සඳහන් කරයි. එම කාලය ඉක්මවුවහොත් ඉරානයට දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට ඔහු තර්ජනය කර තිබේ.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුද්ධය හේතුවෙන් මේ වන විට දහස් සංඛ්‍යාත පිරිසක් මියගොස් ඇති අතර ලෝක ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.

විශේෂයෙන්ම ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු අවශ්‍යතාවයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීම හේතුවෙන් ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය ද මේ වන විට ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකාවේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka