gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිහඬ බව රකින්න නැත්නම් අපි පාගමන නවතනවා..- සාම පා ගමනේ භික්‍ෂුන් කියති :: යූ ටියුබ්කරුවන් ලොකු වදයක්..- නි. පොලිස්පති

සාම පා ගමනේ නිහඬ බව රකිනා ලෙසත් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් එම පාගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේලා අද ජනතාවගෙන් ඉල්ලා සිටියහ. ජනතාව එසේ කටයුතු නොකරන්නේ නම් පාගමන තවදුරටත් නොවඩින බවද උන්වහන්සේලා සඳහන් කළහ.

එම පාගමේ අද තුන්වන දිනටත් යෙදෙමින් උන්වහන්සේලා මෙම අදහස් පළ කළහ.

මේ අතර ලෝක සාමය පෙරදැරි කරගෙන විදේශීය භික්ෂූන් වහන්සේලා පිරිසක් පවත්වන පා ගමනට මෙරට තුළදී විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන බාධාකාරී ස්වභාවය පිළිබඳව මහනුවර සහ මාතලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

ඇමෙරිකාව වැනි රටවලදී කිසිදු බාධාවකින් තොරව මෙම ගමන සිදු වුවද, ශ්‍රී ලංකාවේදී යූ ටියුබ්කරුවන් සහ ඡායාරූප ශිල්පීන් ඇතුළු විවිධ පිරිස් උත්සාහ කරන ආකාරය නිසා එම භික්ෂූන් වහන්සේලා දැඩි අපහසුතාවයට පත්වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මහනුවර කච්චේරියේදී අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම අදහස් පළ විය.

සාම පා ගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේලා සමඟ එක්ව ගමන් කිරීමට කිසිදු පාර්ශවයකට අවසර ලබා නොදෙන බව පොලිසිය දැනුම් දෙයි.

මහජනතාවට ගමන නැරඹීමට අවස්ථාව පවතින නමුත්, දඹුල්ල ප්‍රදේශයේදී ඡායාරූප ගැනීමට උත්සාහ කළ පිරිසක් නිසා පොලිසිය සමඟ යම් ගැටලුකාරී තත්වයක් ද උද්ගත විය.

මෙම සංචාරයට එක්ව සිටින 'ආලෝකා' නැමැති සුනඛයා මේ වන විට රෝගාතුරව සිටින අතර, පශු වෛද්‍ය සහාය ඇතිව පොලිස් නිල සුනඛ අංශයේ අධීක්ෂණය යටතේ ගිලන් රියක රඳවා ප්‍රතිකාර කරනු ලැබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka