gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජීව ජයවීර දිවි නසාගත්තේ වේදනාව දරාගන්න බැරිව… ඒකට මහින්දලා පටලවලා කෙබර කෙළින්න එපා…! – ආණ්ඩුවේ ප්‍රබලයාට උවිඳුගෙන් දරුණු ප්‍රහාරයක්!

සිය ඥාතියෙකු මෙන්ම මිත්‍රයකු වන රජීව ජයවීරගේ සියදිවි නසා ගැනීම ඔහු එයාර්බස් ගනුදෙනුව පිළිබඳ ලිපියක් ලිවීම නිසා සිදුකළ ඝාතනයක් යැයි ප්‍රකාශ කිරීම සම්පූර්ණ අසත්‍යයක් බව ප්‍රවීණ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ වර්තමාන රූපවාහිනි සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රවී සිරිවර්ධන මෙම මරණය රාජපක්ෂ ආණ්ඩුව සිදුකළ ඝාතනයක් බවට සිය ෆේස්බුක් පිටුවේ පළකළ ලිපියක් උපුටා දක්වමිනි.

“මේව නම් පට්ට බොරු. රජීව මගේ ඩිස්ටන්ට් කසින් කෙනෙක් තමා. මේ එක එකා ලියන්නෙ බොරුකතා. එයා අතිවිශාල වේදනාවකින් හිටියෙ කොන්දෙ ඇටවල වගේ. ඒ වේදනාව එයාට දරාගන්න බැරිඋනා.

ඒකයි නීති විරෝධීව පිස්තෝලයක් සල්ලි දීල අරගෙන මහ වැස්ස දවසෙක ඒක ගෙදර අස්සෙත් බිත්තියකට වෙඩිතියල තියල ටෙස්ට් කරල නිදහස් චතුරශ්‍රය ගාවට ගිහින් ඒකෙන්ම තියාගත්තෙ. ඒ පිස්තොලෙ ගත්තෙ කාගෙන්ද, කොතනදිද, කීයකටද ඒ හැම එකම එයාගෙ අත්අකුරෙන් ලියා ඇත. ඒ අවසන් ලිපිය පොලිසිය ගාව තිබේ.

නිදහස් චතුරශ්‍රය එයා ආසම තැන. එයා ගැන දන්නෙ නැති අය කියවන්න එයා මොනවගේ කෙනෙක්ද කියල. එයා සිය| දිවි නසාගන්න මාස ගානකට පෙර සිට එයාගෙ ඇදුම් පවා ලංකාවෙ චැරිටිවලට ගෙනියන්න කියල ලියපු ඒව පවා මම ප්‍රසිද්ධ කළා. එයා ලියපු අවසන් ලියුම එයාගෙ මල්ලිට, ඒකෙ තියෙනව, මට තවත් මේ කොන්දෙ/ඇටවල වේදනාව දරාගන්න බැහැ, මම මැරෙන්න තීරණය කළා කියල. මා ගාව ඒ අවසන් ලිපියත් තිබේ.

මම ඒක දාල ඒ පවුලේ අයට දුකක් දෙන්න කැමති නැහැ. මම එදත් ඒ අවසන් ලිපිය ප්‍රසිද්ධ කලේ නැහැ. සියදිවි|නසා ගැනීමට පෙර ලියපු ලිපියක් නිසා. බොරු සමාජගත කරන්න එපා කියන්න ජනාධිපති ගාව ඉන්න අයට. මේක මහින්ද රාජපක්ෂල කරපු මිනී |මැරුමක් නෙමෙයි. මමයි රජීවයි අදහස් අතින් ගොඩක් වෙනස්. ඔය ඔක්කොම මම එයා සිය|දිවි නසාගත්තම ලියා ඇත. එයාගෙ නම ගූගල් සර්ච් එකක් දාල බලන්න ඕනම අය. එයා හැම සතියෙම මට ලිව්වා.”

emanisa
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka