ඉන්දීය සාගරය උණුසුම් වෙයි : දියේගෝ ගාසියා අමෙරිකානු කඳවුරට ඉරානයෙන් බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක්!
ඉන්දීය සාගරයේ පිහිටි ප්‍රධානතම අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා කඳවුරක් වන චාගෝස් දූපත් සමූහයේ 'දියේගෝ ගාසියා' කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය විසින් අතරමැදි දුර බැලස්ටික් මිසයිල ද්විත්වයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
කිලෝමීටර් 3,800ත් 5,200ත් අතර දුරක් ගෙවා පැමිණි මෙම මිසයිලවලින් කඳවුරට කිසිදු හානියක් සිදුවී නොමැති අතර, ඉන් එක් මිසයිලයක් ගුවනේදී විනාශ වී අනෙක අමෙරිකානු යුද නෞකාවක් විසින් සාර්ථකව ව්‍යර්ථ කර දමා ඇත. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු ධවල මන්දිරය, බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය යන ආයතන විදෙස් මාධ්‍ය සිදුකළ විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් සහ නිල ප්‍රකාශ ලබාදීමෙන් මෙතෙක් වැළකී සිටියි.
ශ්‍රී ලංකාවේ සිට දළ වශයෙන් කිලෝමීටර් 1,600ක පමණ දුරකින් පිහිටා ඇති මෙම දියේගෝ ගාසියා නාවික කඳවුර, මෑතකදී කලාපීය වශයෙන් දැඩි කතාබහට ලක්වූ ස්ථානයකි. ඊට ප්‍රධානතම හේතුව වූයේ පසුගියදා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී 'අයිරිස් ඩේනා' (IRIS Dena) යුද නෞකාවට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කළ අමෙරිකානු සබ්මැරීනය ද මෙම කඳවුරේ සිට පැමිණි බවට තොරතුරු වාර්තා වීමයි.
ඒ අනුව, ඉහත කී නෞකා ප්‍රහාරයේ පසුබිම හා වත්මන් ඉරාන මිසයිල ප්‍රහාරයත් සමඟ ඉන්දීය සාගර කලාපය තුළ නිර්මාණය වී ඇති භූ දේශපාලනික හා යුදමය උණුසුම කෙරෙහි මේ වනවිට ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමු වී තිබේ.
මේ පුවත තව අයට බලන්න
ඉන්දීය සාගරය උණුසුම් වෙයි : දියේගෝ ගාසියා අමෙරිකානු කඳවුරට ඉරානයෙන් බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක්!
2026-03-21T16:46:00+05:30
Gossip Lanka Hot News





