ඉන්ධන නිකුත් කිරීම නවතයි... හිස් බවුසර ආපසු... රට පුරා ඉන්ධන හිගයක්!
සති අන්තයේදීත් බාධාවකින් තොරව ඉන්ධන නිකුත් කරන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබාදුන් සහතිකය ව්‍යාජ එකක් වී ඇති බව පවසමින් ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසයි.
ඊයේ සවස් කාලයේ ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේ අද (21) දිනයේත් සුපුරුදු පරිදි බෙදාහැරීම් සිදුකරන බව වුවද, මේ වන විට තොග නිකුත් කිරීම මුළුමනින්ම අත්හිටුවා ඇති බව ඔවුහු අවධාරණය කරති.
ඉන්ධන ලබාගැනීමේ අරමුණින් අද පෙරවරුවේ දිවයින පුරා පිහිටි පර්යන්ත වෙත පිටත් කළ බවුසර් රථවලට තොග ලබා නොදී හරවා එවා ඇත.
පිරවුම්හල්වල පවතින තොග අවසන් වෙමින් පවතින බැවින්, පෝලිම්වල සිටින ජනතාවගේ දෝෂාරෝපණයට සහ අපහසුතාවට තමන්ට මුහුණ දීමට සිදුව ඇති බව ඔවුහු පවසති.
සංස්ථාව මාධ්‍ය මගින් පවසන දේ සහ ප්‍රායෝගිකව පර්යන්ත තුළ සිදුවන දේ අතර පවතින පරස්පරතාව හේතුවෙන් සමස්ත බෙදාහැරීමේ ක්‍රියාවලියම අවුල් වී ඇති බවට ඔවුහු චෝදනා කරති.
මෙම අර්බුදය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ දිවයින පුරා පිරවුම්හල් රැසක ඉන්ධන තොග සම්පූර්ණයෙන්ම අවසන් වීමේ අවදානමක් පවතින බවද පිරවුම්හල් හිමියන් වැඩිදුරටත් අනතුරු හඟවයි.
මේ පුවත තව අයට බලන්න
ඉන්ධන නිකුත් කිරීම නවතයි... හිස් බවුසර ආපසු... රට පුරා ඉන්ධන හිගයක්!
2026-03-21T15:20:00+05:30
Gossip Lanka Hot News





