gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හදිසියේ ඉන්ධන මිල ඉහළ දැමීමේ හේතුව වරද ජනතාවගේ! නලින්දගෙන් සුපිරි පැහැදිලි කිරීමක්!

රට තුළ ඉන්ධන සංචිත පවතින බව ප්‍රකාශ වී තිබියදීත්, හදිසියේ ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදුවූ හේතු අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළේය. එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ පිරිපහදු තෙල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

මාධ්‍ය හමුවේදී ඔහු ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, ලෝක වෙළෙඳ පොළ තුළ බොරතෙල් මිල දළ වශයෙන් 37.76% කින් ඉහළ ගොස් ඇත.

පිරිපහදු තෙල් අංශයෙන් ඔටෝ ඩීසල් 99.99% කින්, සුපර් ඩීසල් 99.6% කින්, 92 පෙට්‍රල් 75% කින් සහ 95 පෙට්‍රල් 79% කින් ලෙස ලෝක වෙළෙඳ පොළ තුළ මිල ඉහළ ගොස් ඇත.

එසේම පසුගිය මාර්තු 01 වැනිදා සිට 09 වැනිදා දක්වා කාලය තුළ දේශීය ඉන්ධන පරිභෝජනයේ අසාමාන්‍ය වැඩිවීමක් දක්නට ලැබුණු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සාමාන්‍යයෙන් දෛනික ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 4,000ක මට්ටමක පැවතියද, එම දින කිහිපය තුළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,000ක් පමණ සහ ඩීසල් මෙට්‍රික් ටොන් 23,000ක් පමණ අමතරව පරිභෝජනය වී ඇත.

පරිභෝජනය මෙලෙස හදිසියේ ඉහළ යාම නිසා රටේ තිබූ ඉන්ධන සංචිත වේගයෙන් අවසන් වී ඇත. ඒ හේතුවෙන් නව තෙල් ඇණවුම් කිරීමට සිදුවූ අතර, එම නැව් පැමිණියේ ලෝක වෙළෙඳපොළේ පවතින ඉහළ මිලකටය.

අමාත්‍යවරයා සඳහන් කළේ, මිල සංශෝධනය නොකළහොත් පෞද්ගලික සමාගම් ඉන්ධන ආනයනය සීමා කිරීම හෝ නතර කිරීම හේතුවෙන් රටේ ඉන්ධන සැපයුම අඩපණ විය හැකි බවයි.

“ඉන්ධන මිලෙහි සිදු වූ විශාල වැඩිවීම එකවර ආර්ථිකයට දරාගැනීමට නොහැකි නිසා, අප පියවර ගත්තේ දරාගත හැකි ප්‍රමාණයකට මිල වැඩි කිරීමට පමණයි” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම, මෙම මිල වැඩි කිරීම හරහා ඉන්ධන පරිභෝජනය යම් ප්‍රමාණයකට සීමා කර ගැනීමට ජනතාව සහයෝගය ලබා දෙනු ඇතැයි රජය බලාපොරොත්තු වන බවද ඔහු අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka