gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෙල් ගහන්න දුවන්න එපා... අත්‍යවශ්‍ය දේකට පමණක් තෙල් පාවිච්චි කරන්න... අනවශ්‍ය ගමන් යන්න එපා - Ceypetco සභාපති

පසුගිය දිනවල පවතින අවිනිශ්චිත තත්ත්වය හමුවේ මහජනතාව ඉන්ධන අනවශ්‍ය ලෙස රැස් කිරීම හේතුවෙන්, සහන මිලට ආනයනය කර තිබූ ඉන්ධන තොග අපේක්ෂිත කාලයට පෙර අවසන් වී ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති D.J.A.S.D. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි. 

පසුගිය සතිය තුළ පමණක් ඩීසල් මෙට්‍රික් ටොන් 59,200ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 47,500ක් ලෙස වාර්තා වූ අසාමාන්‍ය පරිභෝජනය මීට මූලික හේතුව වී ඇති අතර, එම තත්ත්වය මත ඉන්ධන මිල සංශෝධනය කල්තියා සිදු කිරීමට සිදු වූ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් සිදුවී ඇති අතර, නවතම ඉන්ධන ආනයන සඳහා ගෙවීම් සිදු කෙරෙන්නේ එම අවස්ථාවේ පවතින වෙළඳපොළ මිල පදනම් කරගනිමිනි. 

රටේ පවතින සීමිත ගබඩා පහසුකම් සහ විදේශ විනිමය අර්බුදය සැලකිල්ලට ගනිමින්, පවතින තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ඉන්ධන භාවිත කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසත් සභාපතිවරයා මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka