gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැද පෙරදිග තත්වය ගැන සාකච්ඡාවට සජිත් විපක්ෂයම කැදවයි

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (03) පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව දෙමළ ප්‍රගතශ්‍රීගලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

මේ අතර මාර්තු මාසයේ පළමු සතිය සඳහා පාර්ලිමේන්තු සැසිවාරය අද පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

අද දිනයේදී විදේශ විනිමය පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිත අතර විපක්ෂය විසින් ගෙනඑනු ලබන කල්තබන අවස්ථවේ යෝජනාව විවාදයට ගැනීමට ද නියමිතය.

හෙට (04) දිනයේදී ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අදිකාරිය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල්තැබීමේ විවාදයක් ලබන 5 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka