gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නලින්ද “නෑ” කියද්දී තෙල් මිල වැඩිකළේ ‘මිල සූත්‍රයට’ බව තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ කියයි

ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව ඉන්ධන මිල සංශෝධන සිදුකළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පැවසීය. අඟහරුවාදා (24) පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැහැදිලි කළේ ආනයන පිරිවැය සහ ඒ ආශ්‍රිත වියදම් මත පදනම්ව සංශෝධන සිදුකර ඇති බවයි.

“මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල වැඩි කරනු ලැබුවා. වෙන විශේෂ සූත්‍රයක් නැහැ. එය සම්පූර්ණයෙන්ම ආනයන පිරිවැය සහ ඒ ආශ්‍රිත වියදම් මත පදනම් වෙනවා” ඔහු පැවසීය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ගණන් ගණනය කර ඒවා රජයට ඉදිරිපත් කරන බවත්, එය අවසාන තීරණය ගන්නා බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

“සංස්ථාව කරන්නේ ආනයන පිරිවැය සහ වියදම් මත පදනම්ව මිල ගණනය කර රජයට දැනුම්දීමයි. අවසාන තීරණය ගනු ලබන්නේ රජය විසින්” ඔහු පැවසීය.

රජයට පිරිවැයෙන් කොටසක් අවශෝෂණය කරගත හැකි වුවද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගණනය කිරීම් සූත්‍රය දැඩි ලෙස අනුගමනය කරන බව ඔහු සඳහන් කළේය.

“රජය කොටසක් අවශෝෂණය කරනවා නම්, අවසාන මිල සූත්‍රයේ දක්වා ඇති මිලට වඩා අඩුවිය හැකිය. නමුත් සංස්ථාව ඉදිරිපත් කරන්නේ සැබෑ පිරිවැය සහ වියදම් පමණයි” ඔහු පැවසීය.

මීට පෙර මිල ගණන් මාසිකව ගණනය කළද, ගෝලීය තෙල් මිලෙහි වේගවත් උච්චාවචනයන් හේතුවෙන් දැන් මිල ගැලපීම් නිතර සිදුකරන බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

“මීට පෙර, උච්චාවචනයන් ස්ථාවරව පවතින විට මිල ගණන් මාසිකව ගණනය කළා. කෙසේවෙතත් දැන්, ගෝලීය තෙල් මිල වේගයෙන් වෙනස්වෙනවා. එමනිසා ගණනය කිරීමේ කාලය වෙනස්කර තිබෙනවා. නමුත් සූත්‍රය එලෙසම පවතිනවා” ඔහු පැවසීය.

කෙසේවෙතත් ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කළේ, මෑතකදී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයන්වලදී, මිල ගැලපීම, මිල සුත්‍රය මත පදනම් නොවූ බවයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka