gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ ස්වෛරී තීරණවලට පූර්ණ ගෞරවය ලබාදෙන බව අමෙරිකාව සහතික වෙයි!

ඉරාන නෞකා සහ ඒවායේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය කළමනාකරණය කිරීමේදී ශ්‍රී ලංකාව සතු ස්වෛරීභාවය පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදය සිය පූර්ණ පිළිගැනීම සහ ගෞරවය පළ කර තිබේ. 

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ‘IRIS Bushehr’ නෞකාව, එහි කාර්ය මණ්ඩලය සහ මුහුදේදී බේරාගනු ලැබූ ඉරාන ජාතික නාවිකයන් පිළිබඳ අවසන් තීරණය ගැනීමේ පරම අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා රජයට බවයි. 

එසේම, අදාළ තීරණ ගැනීම ශ්‍රී ලංකාවේ දේශීය නීති රාමුවට මෙන්ම ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට ද අනුකූලව සිදුවිය යුතු බව අමෙරිකාව මෙහිදී ප්‍රකාශ කර සිටියි.

මෙම කාරණය සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජය සමඟ අඛණ්ඩව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පවත්වමින් සිටින බව ද රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. 

මෙම ද්විපාර්ශ්වික සංවාදයේ මූලික අරමුණ වන්නේ, ඉරානය විසින් අමෙරිකා එක්සත් ජනපදයට මෙන්ම ඔවුන්ගේ ගෝලීය හවුල්කාර රාජ්‍යයන් වෙත එල්ල කරනු ලබන බවට සැලකෙන තර්ජනයන් අවම කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම බව ඔවුහු අවධාරණය කරති.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka