gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊයේ ඉන්ධන මිල වැඩි කලේ ඊළග නැවුවල තෙල් මිල ගොඩක් වැඩි කරන්න වෙන නිසා ගැප් එක අඩු කරන්නයි

ඉන්ධන මිල ඉහළ දැමීම හුදෙක් දේශීය ආර්ථික තත්ත්වය මත ගත් තීරණයක් නොව ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් වෙනස් වීම හමුවේ සිදු කළ මිල ගැලපුමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි.

සියත රූපවාහිනී නාලිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, මෙම මිල වැඩිවීමත් සමඟ ප්‍රවාහන ගාස්තු සහ භාණ්ඩ ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා හෙට දිනයේ සිට ජනතාවට යම් පීඩනයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, බස් රථ සහ දුම්රිය ඇතුළු සමස්ත ප්‍රවාහන ක්ෂේත්‍රයේම ගාස්තු ඉහළ දැමීමට අදාළ සංගම් කටයුතු කරනු ඇති බවත්, එමඟින් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ වුවද මෙරට ඉන්ධන සැපයුමේ අඛණ්ඩතාව සහතික කිරීමට රජය පියවර ගෙන ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පවතින ගෝලීය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, කලාපයේ අනෙකුත් රටවල්ද මේ හා සමාන අර්බුදයන්ට මුහුණ දී ඇති බවයි. නිදසුනක් ලෙස, පසුගිය දිනවල පකිස්ථානය ඉන්ධන මිල රුපියල් 50කින් පමණ ඉහළ දැමූ බවත්, බංග්ලාදේශය බලශක්ති අර්බුදය කළමනාකරණය කරගැනීම සඳහා විශ්වවිද්‍යාල සහ පාසල් වසා දැමීමට පවා තීරණය කර ඇති බවත් ඔහු සිහිපත් කළේය.

ලංකාව මේ වන විට ඉන්ධන සංචිත පවත්වාගෙන යන බවත්, ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් කර ඇති බවත් පැවසූ නජිත් ඉන්දික මහතා, යුද්ධයක වැනි හදිසි තත්ත්වයකදී වුවද සැපයුම අඩාල නොවීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික සබඳතා රජය විසින් ශක්තිමත් කරගෙන ඇති බව සඳහන් කළේය.

මෙම ඉන්දන මිල වැඩි කිරීම ඉහල මිලකට ගෙන එන ඊලග තෙල් නැවුවල තෙල් මිල අතර ඇති වන විශාල පරතරය අඩු කිරීමට සිදු කරන ලද්දක් වනු ඇති බව තස අදහස බවත් ඔහු එහිදී පැවසුවේය.

පවතින තත්ත්වය තාවකාලික එකක් වනු ඇතැයි රජය විශ්වාස කරන අතර, පිරිමැස්මෙන් කටයුතු කරමින් මෙම ගෝලීය අර්බුදයට මුහුණ දෙන ලෙස මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඉදිරි උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය සැපයුම් ලබාගැනීමට අදාළ අමාත්‍යාංශ මේ වන විටත් මැදිහත් වී කටයුතු කරන බැවින් සැපයුම පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka