gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝටි 184ක් ගෙවන්න දුන් කාලය අදින් අවසන්... කබ්රාල් සත පහක් ගෙවා නෑ!

ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට සිදු වූ රුපියල් කෝටි 184 කට අධික අලාභය වන්දි වශයෙන් ගෙවීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබා දී තිබූ තෙමසක කාලසීමාව අදින් අවසන් වේ.

කෙසේ වෙතත්, එම මුදලින් සත පහක්වත් ගෙවීමට තමන් එකඟ වී නැති බවත්, එය නොගෙවන බවත් කබ්රාල් මහතාගේ පාර්ශවය අවධාරණය කර සිටී.

2011 වසරේදී දැඩි ආර්ථික අර්බුදයක තිබූ ග්‍රීසියේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම හරහා රජයට රු. 1,843,267,595.65 ක පාඩුවක් සිදු කළ බවට අල්ලස් කොමිසම විසින් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.

2025 දෙසැම්බර් 10 වන දින අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කොන්දේසියකට අනුව, අදාළ අලාභය මාස 3 ක් ඇතුළත මහ බැංකු ගිණුමකට බැර කරන්නේ නම් අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීමට එකඟතාව පළ බවට එම කොමිසම විසින් ප‍්‍රකාශ කලේය.

මෙම නඩුවේ අනෙක් විත්තිකරුවන් තිදෙනා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නිදහස් කර තිබේ.

නඩුවෙන් නිදහස් වූ පසුව අදහස් දක්වමින් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ තමන් කිසිදු වරදක් පිළිගෙන නැති බවත්, වන්දි ගෙවීමේ කොන්දේසියට තම නීතිඥයන් එදිනම අධිකරණය හමුවේ විරෝධය පළ කළ බවත්ය. තම ප්‍රකාශකයෙකු මාර්ගයෙන් ඔහු අවධාරණය කර ඇත්තේ අල්ලස් කොමිසම පවසන පරිදි කිසිදු මුදලක් ගෙවීමට තමන් බැඳී නොමැති බවයි.

මෙම සහන කාලය අවසන් වීමත් සමඟ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka