gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

​"පසුතැවීමට සිදුවනු ඇත" - ඇමෙරිකාවට ඉරානයෙන් දරුණු අනතුරු ඇඟවීමක්!

ඉන්දියාවේ පැවති නාවික ප්‍රදර්ශනයකට සහභාගී වී යළි මව් රට බලා යාත්‍රා කරමින් තිබූ ඉරානයේ 'අයිරිස් ඩේනා' (IRIS Dena) යුද නෞකාවට ඇමෙරිකානු සබ්මැරීනයක් එල්ල කළ ටෝපීඩෝ ප්‍රහාරයත් සමඟ කලාපීය දේශපාලනය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. 

කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව සිදුවූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරගාචි, තම නාවික භටයන් අමු අමුවේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට දරුණු ලෙස වන්දි ගෙවීමටත්, අනාගතයේදී ඉන් දැඩි ලෙස පසුතැවිලි වීමටත් සිදුවනු ඇති බවට දැඩිව අවධාරණය කර සිටී.

​මෙම ප්‍රහාරයෙන් නෞකාවේ සිටි 130කට අධික නාවික භට පිරිසකට බරපතළ හානි සිදුවූ අතර, මේ වන විට ඉන් 61 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇත. 

කෙසේ වෙතත්, මෙම ඛේදජනක සිදුවීමේදී තුවාල ලැබූ ඉරාන නාවික භටයන් 32 දෙනෙකු ජීවිත බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වීම මෙහි ඇති විශේෂත්වයකි.

ජාත්‍යන්තර මුහුදේ සිදුවූ මෙම අනපේක්ෂිත ප්‍රහාරයත් සමඟ ගෝලීය බලවතුන් අතර ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය ඉදිරියේදී කෙබඳු අතකට හැරෙනු ඇත්ද යන්න ලෝකයේම අවධානයට ලක්ව තිබේ. 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka