gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිලියන 60 කතාව බොරුවක්.. ආණ්ඩුව තමන් කියපු ඔප්පු කරවා ගන්න ආයතනන මෙහෙයවනවා - නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එයාබස් ගණුදෙනුවෙන් මිලියන හැටක අල්ලස් මුදලක් ලබා ගත් බවට එල්ල වන චෝදනා, වත්මන් රජය සිය නොහැකියාව වසා ගැනීමට එල්ල කරන තවත් එක් මඩ ප්‍රහාරයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මිලියන 60ක මුදලක් ගැන සමාජයේ කතාබහක් ඇති කිරීමට රජය උත්සාහ කරමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. 

රජය විසින් සිදු කරන ලද ගල් අඟුරු වංචා, සීනි ගණුදෙනු සහ ජාතික ආර්ථිකය කඩා වැට්ටවීමේ වගකීමෙන් මිදීමට රජය මෙවැනි පරණ බොරු නැවත කරළියට ගෙන එන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"ආණ්ඩුව පැහැදිලිවම තමන්ගේ නොහැකියාව වහගන්න උත්සාහ කරනවා. තමන් කලින් කියපු බොරු ටික අධිකරණය හෝ ස්වාධීන ආයතන ලවා ඔප්පු කරවන්න බලහත්කාරයෙන් සහ බය කරලා ප්‍රකාශ ලියා ගන්නා බවක් පේන්න තියෙනවා. මේක හරියට යහපාලන ආණ්ඩුව කාලේ කරපු දූෂණ මර්ධන කමිටුවේ ක්‍රියාකලාපය වගේමයි."

පොලිස්පතිවරයා මාලිමාවේ පොලිස්පතිවරයෙකු ලෙස නොව ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ලෙස සාධාරණව කටයුතු කළ යුතු බවත්, මෙවැනි මිලියන 20 කතා හදාගෙන ගියහොත් මීට පෙර පැවසූ ඩොලර් බිලියන 18 කතාව කිසිදා ඔප්පු කිරීමට නොහැකි වනු ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

රජය පොරොන්දු වූ පරිදි සහන මිලට තෙල් ලබා දීමට අපොහොසත් වී ඇති බවත්, අද වන විට ලෝක වෙළඳපොළ මිලට වඩා ඩොලර් 45ක් වැඩියෙන් ගෙවා ඩීසල් මිලදී ගන්නා බවත් ඔහු චෝදනා කළේය.

රජයේ ගල් අඟුරු වංචාව සහ අකාර්යක්ෂමතාවය නිසා වැඩි වූ විදුලි බිල සහ තෙල් මිල ජනතාව මත පටවා ඇති බව පවසන මන්ත්‍රීවරයා, රාජපක්ෂවරුන්ට මඩ ගැසීමෙන් පමණක් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බව ද ප්‍රකාශ කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka