gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරාන නැවට ප‍්‍රහාරය ශ‍්‍රී ලංකා ආර්ථික කලාපයේ ඇමරිකා සබ්මැරීනය ආවේ ගිවිසුම අනුවද? දන්වලාද? නොදන්වාද?

ගාල්ල ආසන්න මුහුදු තීරයේදී ඉරාන යුද නෞකාවකට එල්ල වූ ඇමරිකානු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය වහාම කරුණු පැහැදිලි කළ යුතු බවත්, මෙම සිදුවීම පිටුපස ඇමරිකාව සමඟ ඇති කරගත් රහසිගත ගිවිසුම් පවතින්නේ දැයි සැකයක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා පවසයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ විදෙස් පුවත් වාර්තා අනුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ලංකාවට අයත් විශේෂ ආර්ථික කලාපය (EEZ) තුළ බවයි. රජය මෙය ජාත්‍යන්තර මුහුදේ සිදු වූවක් බව පැවසුවද, අදාළ නෞකාව හමුවී ඇත්තේ ගාල්ලේ සිට නාවික සැතපුම් 47ක් දුරින් බව ජයගොඩ මහතා සඳහන් කරයි. 

නාවික සැතපුම් 12ක දේශීය ජල සීමාවෙන් ඔබ්බට ඇති අනන්‍ය ආර්ථික කලාපය ශ්‍රී ලංකාවේ බලාධිකාරියට යටත් බවත්, එබැවින් මෙම ප්‍රහාරය ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිදුවූයේද යන්න පැහැදිලි කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

මෙම ප්‍රහාරය එල්ල කිරීමට ඇමරිකානු සබ්මැරීනයක් ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වූයේ නම්, ඒ සඳහා රජයේ අවසරය ලැබුණේද යන්න බරපතල ප්‍රශ්නයක් බව ජයගොඩ මහතා පවසයි.

 "අවසර අරන් ආවා නම් රජය අපිට උත්තර දෙන්න ඕනේ. අවසර නැතුව ආවා නම් ඒක ඊට වඩා බරපතලයි," යැයි ඔහු පවසයි. 2025 නොවැම්බර් මාසයේදී වත්මන් රජය ඇමරිකාව සමඟ අත්සන් කළ බව කියන රහසිගත ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවූයේද යන්න පිළිබඳව ඔහු සැක පළ කරයි.

මීට පෙර 2007දී අත්සන් කළ ඇක්සා (ACSA) ගිවිසුම 2017 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් "ලෝක විනාශය දක්වා" වලංගු වන පරිදි දීර්ඝ කළ බවත්, එමඟින් ඉන්දියන් සාගරයේ යුද්ධයකදී ඇමරිකාවට ලංකාවේ වරායවල්, ගුවන් තොටුපොළවල් සහ රෝහල් වැනි යටිතල පහසුකම් ලබාදීමට එකඟ වී ඇති බවත් ජයගොඩ මහතා මතක් කරයි.

එසේම, වත්මන් රජය විසින් ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් කර ඇති පරිදි ඇමරිකානු ජාතික ආරක්ෂක බලකාය සමඟ අත්සන් කර ඇති එස්.පී.පී (SPP - State Partnership Program) ගිවිසුම පිළිබඳවද ඔහු කරුණු දක්වයි. 

1993 සිට ලෝකයේ කුඩා රටවල් සමඟ ඇමරිකාව මෙවැනි ගිවිසුම් ඇති කරගන්නේ සිය යුදමය අවශ්‍යතා සඳහා යටිතල පහසුකම් සපයා ගැනීමට බව ඔහු පෙන්වා දෙයි.

මෙම ප්‍රහාරය සිදු වූයේ රජයේ අවසරය ඇතිවද, එසේත් නැතිනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ සිට ක්‍රියාත්මක වන සෝෆා (SOFA), ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් කළ ඇක්සා (ACSA) හෝ අනුර කුමාර දිසානායක මහතාගේ රජය අත්සන් කළ එස්.පී.පී (SPP) ගිවිසුම යටතේ දැයි රජය රටට හෙළි කළ යුතු බව පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka