gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති වසන්තත් අපේ ආයෝජනය කලා කියමින් මහා ක‍්‍රිප්ටො ජාවාරමක්!

ක්‍රිප්ටෝ කරන්සි ව්‍යාපාර කරන්නේ යයි පවසන ආයතනයක් විසින් වසර දෙකක කාලයක් තිස්සේ මහජනතාව රවටා රුපියල් කෝටි 500කට අධික මුදලක් වංචනිකව ලබාගෙන ඇති බවට චෝදනා කරමින් "පොළොන්නරුවේ වංචාවට අසුවූවන්ගේ සංගමය" පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දුන්නේය.

මෙම මූල්‍ය වංචාවට පුද්ගලයන් 5,000කට අධික පිරිසක් හසුවී ඇති අතර, ඔවුන් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 100 දක්වා විවිධ ප්‍රමාණයේ මුදල් මෙම ආයතනය වෙත ආයෝජනය කර ඇති බව වාර්තා වේ.

සංදේශය භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වංචාවට හසුවූවන් කියා සිටියේ, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද මෙම ව්‍යාපාරය සඳහා මුදල් ආයෝජනය කර ඇති බව පවසමින් අදාළ ආයතනයේ නිලධාරීන් තමන්ව පොළඹවා ගත් බවයි.

අමාත්‍යවරයාගේ නම භාවිතා කරමින් සිදුකළ මෙම ප්‍රචාරයන් හේතුවෙන් තමන් විශ්වාසය තබා මුදල් යෙදවූ බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කළහ.

මේ සම්බන්ධයෙන් දැනට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් 10 දෙනෙකු නිදැල්ලේ පසුවන බව එම සංගමය පවසයි.

වංචාවට ලක්වූවන්ට සාධාරණය ඉටුකරන ලෙසත්, වගකිවයුතු අනෙකුත් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka