gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එමිරේටයට පහර දෙන බව ඉරානය කියයි... හූති කැරලිකරුවන් රතු මුහුද අල්ලන්න යයි

ඉරානයට අයත් දූපතක් ආක්‍රමණය කිරීමට "සතුරු බලවේග" සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි පවසමින්, එවැනි උත්සාහයකට සහාය දෙන ඕනෑම කලාපීය රටක වැදගත් යටිතල පහසුකම් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ප්‍රකාශ කළේ, අදාළ දූපත් ආක්‍රමණය සඳහා සහාය දක්වන නම සඳහන් නොකළ කලාපීය රටකට එරෙහිව ඉරාන හමුදාව දැඩි පියවර ගැනීමට සූදානම් බවයි. 

"ඉරාන හමුදාව සතුරු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් සිටිනවා. ඔවුන් යම් පියවරක් තැබුවහොත්, එම මෙහෙයුමට සහාය දෙන කලාපීය රටේ වැදගත් යටිතල පහසුකම් වෙත අපි නොනවත්වා ප්‍රහාර එල්ල කරනවා," යැයි ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා අවධාරණය කළේය.
මෙම අනතුරු ඇඟවීම එල්ල වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කර ගනිමින් බව දේශපාලන විචාරකයෝ පවසති. 

විශේෂයෙන්ම තෙල් අපනයනය සඳහා වැදගත් වන ‘කාර්ග්’ දූපත අත්පත් කර ගැනීමට අමෙරිකාවට සහාය දෙන බවට එම රාජ්‍යයට චෝදනා එල්ල වී ඇත.

ඉරානය මෙම ප්‍රකාශය සිදුකරන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධවල මන්දිරය ඉරානයට එරෙහිව සිය ස්ථාවරය දැඩි කර ඇති පසුබිමකය. ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලිවිට් ප්‍රකාශ කළේ, ඉරානය සිය යුදමය පරාජය පිළිගත යුතු බවයි.

 "ඉරානය යථාර්ථය තේරුම් නොගන්නේ නම්, ජනාධිපති ට්‍රම්ප් ඔවුන්ට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල කිරීමට පසුබට වන්නේ නැහැ. ඔහු මේ කරන්නේ හිස් තර්ජනයක් නොවෙයි," යැයි ඇය පැවසුවාය.

මේ අතර, පෙන්ටගනය විසින් දහස් සංඛ්‍යාත අතිරේක භට පිරිස් පර්සියානු ගල්ෆ් කලාපය වෙත යොමු කරමින් සිටින බව වාර්තා වේ. අමෙරිකානු 82 වන ගුවන් සංක්‍රමණික බලඇණියේ භටයින් 2,000 ක් සහ නාවික ප්‍රහාරක නෞකා කලාපයට ළඟා වීමට නියමිතය.

ඉරානයේ 'තස්නිම්' පුවත් ඒජන්සිය වාර්තා කරන පරිදි, ඉරාන දූපත්වලට හෝ භූමියට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් රතු මුහුදේ 'බාබ් අල්-මැන්ඩෙබ්' (Bab al-Mandeb) සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නව යුද පෙරමුණක් විවෘත කිරීමට ඉරානය සූදානම් වේ. යේමනයේ හවුති කැරලිකරුවන් ද මෙම සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කර ගැනීමට සහාය වනු ඇති බව වාර්තා වේ.

යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා පවතින බවට ට්‍රම්ප් පාලනය පවසන නමුත්, තෙහෙරානය එය ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත්, මැදිහත්කරුවන් මාර්ගයෙන් දෙපාර්ශ්වය අතර යෝජනා හුවමාරු වන බවට ද තොරතුරු වාර්තා වේ.

අමෙරිකාව කරුණු 15 කින් යුත් සාම සැලසුමක් ඉදිරිපත් කර ඇති අතර, ඉරානය ද සිය කොන්දේසි 5 ක් ඉදිරිපත් කර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka