gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරානයට බෝම්බ හෙලා ඵලක් නෑ.. යුද්දයට අපි එන්නෑ.. NATO වට එන්න දෙන්නෙත් නෑ - ජර්මන් චාන්සලර්

ඉරානයට බෝම්බ හෙළීමෙන් එරට පාලන තන්ත්‍රය වෙනස් කිරීමට උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බව ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් පවසයි.

පසුගිය මාසයේ අගභාගයේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු පැන නැගී ඇති යුද වාතාවරණය හමුවේ, ඇමරිකාව සතුව මෙම යුද්ධය අවසන් කිරීම සඳහා නිසි සැලසුමක් හෝ පිටවීමේ උපාය මාර්ගයක් නොමැති බව ඔහු දැඩි ලෙස විවේචනය කළේය.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ චාන්සලර්වරයා සඳහන් කළේ, ඉරානයේ වත්මන් පාලනය ප්‍රජාතන්ත්‍රවාදී රජයකින් ආදේශ විය යුතු වුවද, බෝම්බ හෙළීම මගින් එය ඉටු කරගත නොහැකි බවයි. 

මුලින් වොෂින්ටනයේ ක්‍රියාමාර්ගවලට යම් සහයක් පළ කළද, දැන් මර්ස් මහතා පවසන්නේ මෙම ගැටුම සදාකාලික යුද්ධයක් කරා ගමන් කිරීමට ඉඩ නොදිය යුතු බවයි.

මෙම ගැටුමට ජර්මනිය හමුදාමය වශයෙන් මැදිහත් නොවන බවත්, විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සඳහා යුද නැව් යැවීමට පියවර නොගන්නා බවත් ඔහු අවධාරණය කළේය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්, යුරෝපා සංගමයෙන් හෝ නේටෝ සංවිධානයෙන් එවැනි මැදිහත් වීමක් සඳහා අවශ්‍ය නීත්‍යානුකූල අවසරයක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති අතර, බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ. 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපීය නේටෝ සාමාජික රටවලින් සිය තෙල් සැපයුම් මාර්ග ආරක්ෂා කර ගැනීමට සහය වන ලෙස කළ ඉල්ලීම ජර්මනිය මෙන්ම ප්‍රංශය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ග්‍රීසිය වැනි රටවල් ද ප්‍රතික්ෂේප කර ඇත.

දීර්ඝ කාලීන යුද්ධයක් හේතුවෙන් ඇතිවිය හැකි ආර්ථික අවදානම, විශේෂයෙන් ජර්මනියේ බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වන බලපෑම සහ අලුතින් ඇතිවිය හැකි සරණාගත අර්බුදය පිළිබඳ පවතින බිය චාන්සලර්වරයාගේ මෙම ස්ථාවරයට හේතු වී ඇති බව විශ්ලේෂකයෝ පවසති. 

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කලාස් ද තහවුරු කළේ රතු මුහුදේ මෙහෙයුම් හෝමුස් සමුද්‍ර සන්ධිය දක්වා ව්‍යාප්ත කිරීමට යුරෝපීය ජාතීන්ගේ කැමැත්තක් නොමැති බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka