gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොර දෙන්නෙත් QR ක‍්‍රමයට... චීනයෙන් නැවක් ඇණැවුම් කලා - ඇමති ලාල්කාන්ත

පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව රටේ පොහොර සැපයුම සහ ඉදිරි සැලසුම් පිළිබඳව කොළඹදී මාධ්‍ය දැනුවත් කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසා සිටියේය.

පොහොර නිකුත් කිරීම සඳහා QR කේතයක් භාවිත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඒ වෙනුවෙන් දැනටමත් ඉදිරිපත්ව ඇති යෝජනාවකට අනුව නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ වන විට දිවයින තුළ ප්‍රමාණවත් පොහොර සංචිත පවතින බැවින් කිසිදු හිඟයක් ඇති නොවන බව තහවුරු කළ අමාත්‍යවරයා, ඇතැම් පෞද්ගලික අංශ සහ අතරමැදියන් විසින් රුපියල් 12,000 – 13,000 වැනි අධික මිල ගණන්වලට පොහොර අලෙවි කරමින් පාරිභෝගිකයා සූරාකෑමට ලක් කරන බව පෙන්වා දුන්නේය.

අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමෙන් වළකින ලෙස අදාළ ආයතනවලට දැනුම් දී ඇති අතර, මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ සක්‍රීය මැදිහත්වීම අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

පවතින වගා කන්නය තුළ පොහොර සම්බන්ධ ගැටලුවක් මතු නොවනු ඇතැයි සහතික කළ අමාත්‍යවරයා, එළඹෙන මැයි මාසය වන විට චීනයෙන් අතිරේක පොහොර තොගයක් ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවද වැඩිදුරටත් පැවසීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka