gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් මට මරණ බිය ඇති කළා කපිල චන්ද්‍රසේනගෙන් බන්ධනාගාරයේ සිට විශේෂ දිවුරුම් ප්‍රකාශයක්!

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා, තමන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමේදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් තමන්ට මරණ බිය ඇති කරමින් තර්ජනය කළ බවට බරපතල චෝදනාවක් එල්ල කරයි. 

2026 මාර්තු 18 වන දින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් මඟින් ඔහු මේ බව අනාවරණය කර තිබේ.

චන්ද්‍රසේන මහතා පවසන පරිදි, පසුගිය මාර්තු 12 වන දින ප්‍රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේදී කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකු ඔහුව විදුලි සෝපානයක් තුළදී තර්ජනය කරමින් පවසා ඇත්තේ "බයිලා කියන්න එපා, අපිට ඕන දේ කියන්න, නැත්නම් ඇරෙස්ට් කරනවා" යනුවෙනි. 

ඉන් අනතුරුව රහසිගත කාමරයක් තුළදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා තමන් මුණගැසුණු බවත්, එහිදී ඔහු අතිශය තර්ජනාත්මක ස්වරයෙන් අදහස් දැක්වූ බවත් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා "මේක ඔයාගේ අන්තිම චාන්ස් එක, කෙහෙළියගේ නඩුවේ කෙනෙක් මම දුන්න චාන්ස් එක ගත්තේ නැති නිසා බෙල්ලේ වැල දාගෙන මැරුණා, තමුන්ටත් ඒ දේ කරගන්න තැනට මම වැඩ කරනවා" යනුවෙන් තර්ජනය කළ බව චන්ද්‍රසේන මහතා පවසයි. තවද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් මෙම ගනුදෙනුවට ඈඳා ප්‍රකාශ ලබා දෙන ලෙස තමන්ට බලපෑම් කළ බව ද ඔහු චෝදනා කරයි.

තමන් කොමිසමට ලබා දුන් ප්‍රකාශයේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හෝ තම බිරිඳ මෙම ගනුදෙනුවට සම්බන්ධ බවට කිසියම් සඳහන් කිරීමක් වේ නම්, එය ස්වේච්ඡාවෙන් කරන ලද්දක් නොව මරණ බිය සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තර්ජනය හමුවේ බලහත්කාරයෙන් ලබාගත් කරුණු බව ඔහු සිය දිවුරුම් ප්‍රකාශය මඟින් අවධාරණය කර සිටියි. 

මෙම අනාවරණයත් සමඟ අල්ලස් කොමිසමේ විමර්ශන ක්‍රියාවලියේ විනිවිධභාවය පිළිබඳව දැඩි දේශපාලනික හා නීතිමය කතිකාවතක් නිර්මාණය වී තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka