gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකා ලොක්කෙක් පැසිෆික් අණදෙන නිලධාරී සමග ලංකාවේ.. මුහුදු මාර්ග, වරාය ආරක්‍ෂාව ගැන සාකච්චා!

දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් අද (මාර්තු 19) සිට මාර්තු 24 වන දා දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්හි සංචාරයක නිරත වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

සර්ජියෝ ගෝර් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ, ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කේලර්ගේ කොළඹ සංචාරයෙන් මසකට පසුව ය.

නිල සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ, පසුගිය මස 19 වන දා ය. ඒ, ඇමෙරිකාව හා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට දින කිහිපයකට පෙර ය.

දිවයිනට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන විශේෂ නියෝජිත හා ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (මාර්තු 19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති මාධ අංශය සඳහන් කළේ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරුණු බව ය.

එමෙන් ම, මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කළ බව ද ජනධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ඉන්දියානු සාගර කලාපයේ සහයෝගීතාව වර්ධනය කිරීම සර්ජියෝ ගෝර්ගේ මෙම සංචාරයේ අරමුණ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.

ශ්‍රී ලංකාවේ සිටින අතරතුර, විශේෂ නියෝජිත ගෝර්, එක්සත් ජනපද-ශ්‍රී ලංකා සම්බන්ධතාවයේ වැදගත්කම නැවත තහවුරු කිරීම සහ ප්‍රධාන අංශවල සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

විශේෂ නියෝජිත ගෝර්ගේ සංචාරය හරහා, අත්‍යවශ්‍ය මුහුදු මාර්ග ආරක්ෂා කිරීමට සහ වරායන් සුරක්ෂිත කිරීමට, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළෙඳ හා වාණිජ සබඳතා ශක්තිමත් කිරීමට සහ දෙරටේ ම ජනතාවගේ ප්‍රයෝජනය සඳහා නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් ඉදිරියට ගෙන යාමට එක්සත් ජනපදය දරන උත්සහයන්ට තවදුරටත් සහය වනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සමග ඇති කල් පවත්නා හවුල්කාරිත්වයන් සහ කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා සිය හවුල්කාරී කැපවීම එක්සත් ජනපදය අගය කරන බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එක්සත් ජනපද-ශ්‍රී ලංකා සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සඳහා එක්සත් ජනපද සහයෝගය නැවත තහවුරු කිරීම සඳහා විශේෂ නියෝජිත ගෝර් ජනාධිපති අනුර දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

සමුද්‍රීය ආරක්ෂාවේ සිට උපාය මාර්ගික ආයෝජන සහ වාණිජ ගනුදෙනු දක්වා, දෙරට අතර සබඳතා පුළුල් කිරීමට ඇති අවස්ථා මෙහිදී හඳුනාගනු ඇතැයි තානාපති කාර්යාලය පැවසීය.

සර්ජියෝ ගෝර් ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති ධූරයට අමතරව දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ එක්සත් ජනපද විශේෂ නියෝජිතවරයා ලෙස කටයුතු කරයි.

එම නිසා ම ඔහුට ඉන්දියාව පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට අමතරව කලාපයේ ම ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මෙහෙයවීම පිළිබඳ වගකීම පැවරී ඇත.

ගිවිසුම් ඇති කර ගැනීමේ නිපුණතාවයෙන් යුත් අයෙකු ලෙස සැලකෙන සර්ජියෝ ගෝර් ජනපති ට්‍රම්ප්ට ඍජුව ම සම්බන්ධ අයෙකු ලෙස ද සැලකෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් විසින් දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතයා ලෙස තානාපති ගෝර් පත් කරන ලදී.

ගෝර් භාෂා ගණනක් චතුර ලෙස හසුරුවන අයෙකු වන අතර, රටවල් 85කට අධික සංඛ්‍යාවක සංචාරය ඇති අයෙකි.

මීට පෙර, ගෝර් ධවල මන්දිරයේ ජනාධිපතිවරයාගේ සහයක නිලධාරියෙකු සහ ජනාධිපතිවරයාගේ පිරිස් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ය. අධ්‍යක්ෂවරයා ලෙස ඔහුගේ නායකත්වය යටතේ, සමස්ත ෆෙඩ්රල් රජය පුරා දේශපාලන පත්වීම්ලාභීන් දහස් ගණනක් වාර්තාගත කාලයකින් බඳවා ගන්නා ලදී.

- BBC
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka