gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරාන නැව කොළඹ වරායට ගෙනාවොත් පහර දෙන බව ඇමරිකාව දන්වලා.. (Video)

පානදුර මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම් ලා ඇති ඉරාන නාවික හමුදා යාත්‍රාව කොළඹ වරායට ඇතුළු කර ගැනීමට අවසර ලබා දුන්නොත් එයට ගුවන් ප්‍රහාර එල්ල කරන බවට කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට බලධාරීන්ට තර්ජනය කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනාවරණය කරයි.

ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර නාවික ප්‍රදර්ශනයකට සහභාගී වී ආපසු යමින් තිබූ ඉරාන යාත්‍රා තුනෙන් එකක් මෙලෙස පානදුර වෙරළට පෙනෙන මානයේ ජාත්‍යන්තර මුහුදු සීමාව ආසන්නයේ නතර කර ඇති බවයි. මෙම යාත්‍රාව කොළඹ වරායට ඇතුළු කිරීමට අවසර දෙන ලෙස ඉරාන තානාපති කාර්යාලය ඉල්ලීමක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඉරානයේ සතුරු පාර්ශ්වයක තානාපති කාර්යාලයක් වන ඇමෙරිකානු තානාපති කාර්යාලය, වරාය බලධාරීන්ට සහ රජයේ බලධාරීන්ට තර්ජනය කර ඇත්තේ නැව වරායට ගෙනාවොත් ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි. මේ හේතුවෙන් ජනාධිපතිවරයා තවමත් තීන්දුවක් ගත නොහැකිව දෙගිඩියාවෙන් පසුවන බව වීරවංශ මහතා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර නීතියට අනුව, කාර්මික දෝෂයක් හෝ වෙනත් අවශ්‍යතාවයක් මත අසරණ වූ යාත්‍රාවකට මානුෂීය සහාය දැක්වීමට රටක් බැඳී සිටින බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

"රටේ ජනාධිපතිවරයාට කොන්දක් තිබේ නම්, ඇමෙරිකානු තානාපති බලධාරීන්ට පැවසිය යුත්තේ මෙම නැව එන්නේ යුධමය කටයුතුවලට නොවන බවත්, අවශ්‍ය සේවා සපයා ගැනීමෙන් පසු ඔවුන් අපේ මුහුදු සීමාවෙන් පිටව යනු ඇති බවත්" යැයි ඔහු පැවසීය.

ඇමෙරිකාව සමඟ ඇති කරගෙන තිබෙන ACSA සහ SOFA වැනි ආරක්ෂක ගිවිසුම් හරහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති බලතල මොනවාදැයි රට නොදන්නා බවත්, මෙවැනි තර්ජන හමුවේ නිසි ස්ථාවරයක නොසිටියහොත් ශ්‍රී ලංකාව අනවශ්‍ය ගැටුමක ඉත්තෙක් බවට පත්වීමේ අවදානමක් ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මාලදිවයින වැනි කුඩා රටවල් පවා තම ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ආකාරය ආදර්ශයට ගත යුතු බව ද වීරවංශ මහතා මෙහිදී පෙන්වා දුන්නේය
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka