gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුරේෂ් සලෙයි පාස්කු ප‍්‍රහාරයේ තුන්වන සැකකරු ලෙස නම් කරයි..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කරන විමර්ශනවල තුන්වන සැකකරු ලෙස මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ නම් කරන බව එම දෙපාර්තමේන්තුව අද (මාර්තු 5 වැනිදා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ නඩු කටයුත්ත මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ මෙම දැනුම්දීම කළේය.

සැකකාර සුරේෂ් සලේ ඉකුත් 25 වනදා පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු මේ වන විටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ සිද්ධියේ තුන්වන සැකකරු ලෙස මොහු නම් කරන බවත් එම දෙපාර්තමේන්තුව නිලධාරීහූ අධිකරණයට දන්වා සිටියහ.

ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමු කරමින් සුරේෂ් සලේ සැකකරුවකු වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී තිබේදැයි විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙතෙක් කරන ලද විමර්ශනවලට අනුව මෙම පුද්ගලයා සැකකරුවකු වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව රැඳවුම් නියෝග මත රඳවා සිටින සුරේෂ් සලේ නිරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසත් මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය.

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය හා බැඳුණු වවුනතීවු ප්‍රදේශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීම, සයින්දමරදු ප්‍රදේශයේදී බෝම්බයක් පුරා යාම ඇතුළු සිද්ධින් ගණනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසිනි.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත හැක්කේ රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය බිඳ හෙළීමේ ක්‍රියාවල නිරත වන පාර්ශවයන්ට සහ නීත්‍යානුකූලව පත් වූ ආණ්ඩු පෙරළා දැමීමට ඍජුව හෝ වක්‍රව දායකත්වය දැක්වූ පුද්ගලයින්ට එරෙහිව පමණක් බවයි.

නමුත් සුරේෂ් සලේට එවැනි වැරදි ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බවත් පෙත්සම්කරු කියා සිටියේ ය.

රටේ භෞමික අඛණ්ඩතාව බිඳ හෙලමින් නීත්‍යානුකූලව තේරී පත් වූ රජය පෙරළා දැමීමට ක්‍රියාකළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් වලට එරෙහිව එම පනත භාවිතා කිරීමට හැකියාව ඇති අතර 2022 වසරේ සිදුවූ අරගලයට එරෙහිව ද මෙම පනත භාවිතා කිරීමට හැකියාව තිබූ බව පෙත්සම්කරු සඳහන් කළේය.

නමුත් පාස්කු ප්‍රහාරය තුළ එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු එය හුදෙක් ආගමික දෘෂ්ටිවාදයක් පදනම් කරගෙන සිදුවී ඇති බවට කරුණු ඉදිරිපත් වී තිබෙන බවත් සඳහන් කර සිටියේය.

එසේම සුරේෂ් සලේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල වී ඇති චෝදනා සහ සාක්ෂි කිසිවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නැති බවත් ඔහු පැවසීය.

මහජන සුභසාධන නඩුකරයක් සේ සලකා තමන් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුරේෂ් සලේට එරෙහිව ඉදිරිපත් වී තිබෙන චෝදනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහුට එරෙහිව ප්‍රමාණවත් චෝදනා නොමැති නම් අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත.

BBC
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka