gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බාල ගල් අඟුරු ගෙනාවත් දැන් කරන්න දෙයක් නෑ… අසීමාන්තිකව දඩ ගැහුවොත් සමාගම බංකොලොත් වෙයි…! – ඇමති බිමල්ගෙන් අනතුරු ඇඟවීමක්…

දැනට ගල් අඟුරු සපයන සමාගමට පනවා ඇති අසීමාන්තික දඩ මුදල් හේතුවෙන් එම සමාගම බංකොලොත් බව ප්‍රකාශ කළහොත් රටේ ගල් අඟුරු සැපයුම බරපතළ අනතුරකට ලක්විය හැකි බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.

අදාළ සමාගමෙන් දඩ අය කර ගැනීමට වඩා එමඟින් සැපයුම් දාමයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් ඔහු පැවසීය.

ගල් අඟුරු ටෙන්ඩර් පටිපාටිය නිවැරදිව සිදු කර ඇති බවත්, පරීක්ෂණාගාර වාර්තා මඟින් අදාළ ගල් අඟුරුවලින් නිපදවිය හැකි බලශක්ති ප්‍රමාණය (Energy output) අඩු බව තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. මේ හේතුව නිසා අදාළ සමාගමට ඩොලර් මිලියන දෙකක (රුපියල් දස ලක්ෂ 300 කට වැඩි) දැවැන්ත දඩයක් පනවා තිබේ. "මේ අසීමාන්තික දඩ නිසා හදිසියේවත් මේ සමාගම මම බංකොලොත්, මට කරන්න දෙයක් නැහැ කියලා කිව්වොත්, අපිට නඩු කියලා දඩ ගහගන්න පුළුවන් වෙයි, හැබැයි ඊට පස්සේ අපිට ගල් අඟුරු කෝ?" යනුවෙන් අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියේය.

ගල් අඟුරු මිලදී ගැනීම සාමාන්‍ය කඩයකින් පාන් මිලදී ගැනීමක් වැනි සරල කටයුත්තක් නොවන බව පෙන්වා දුන් රත්නායක මහතා, වෙනත් විකල්පයකට යාමට නම් මාස ගණනාවකට පෙර ඇණවුම් කළ යුතු බව සඳහන් කළේය. මේ වන විට රට සතුව පවතින්නේ දින 30 කට පමණක් සෑහෙන තෙල් ගබඩා කිරීමේ හැකියාවක් පමණක් බවත්, ඊට වඩා වැඩි ප්‍රමාණයක් නොමිලේ ලැබුණද ඒවා ගබඩා කිරීමට පහසුකම් නොමැති බවත් ඔහු අනාවරණය කළේය.

රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීමේ සැලසුමක් පසුගිය රජයන් සතුව නොතිබීම අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක් විය. "කූඹියා පවා වැසි කාලයේදී පරිභෝජනය කිරීමට වියළි කාලයේදී ආහාර එකතු කර ගන්නවා. අඩුම තරමේ කූඹියාට තිබෙන ඒ උපාය මාර්ගික ඥානයවත් අපේ පාලකයන්ට තිබිලා නැහැ" යැයි ඔහු පැවසීය. සහල්, තෙල්, ගල් අඟුරු සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අනාගතය සඳහා ගබඩා කර තබා ගැනීමේ ක්‍රමවේදයක් නොමැතිව රට පවත්වාගෙන ගොස් ඇත්තේ "එදා වේල" පිරිමසා ගන්නා ක්‍රමයකට බවත්, දැනට පවතින සැපයුම් දාමය සති දෙකක් වැනි කෙටි කාලයකට සීමා වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

වසර 20 කින් පමණ ප්‍රතිසංස්කරණය කර නොමැති, කාන්දු වන තෙල් නල පද්ධති අලුත්වැඩියා කිරීමටත්, තෙල් ගබඩා කිරීමේ පහසුකම් පුළුල් කිරීමටත් වත්මන් රජය දැනටමත් ආයෝජන සැලසුම් සකස් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ලෝක දේශපාලන තත්ත්වයන් සහ යුදමය වාතාවරණයන් හමුවේ වුවද, වංචාවෙන්, දූෂණයෙන් සහ නාස්තියෙන් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ක්‍රමවත් සැලසුමක් ඇතිව රජය ඉදිරියට යන බව ඔහු අවධාරණය කළේය
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka