gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෙට්‍රල් ලීටර් හතරක් තබා ගත්තාට දින 21 සිර ගෙට

අනවසරයෙන් පෙට්‍රල් ලීටර් 4ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට දින 21ක සිරදඬුවමක් සහ රුපියල් 1500ක දඩ මුදලක් නියම කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ අද (26) නියෝග කළා.
මෙසේ දඬුවම් නියම වූයේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි බී.එම්. ලසන්ත කුමාර බාලසූරිය නමැත්තෙකුටයි.

කොබෙයිගනේ පොලිසිය විසින් 1979 අංක 34 දරණ ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුම් විධිමත් කිරීමේ හා පාලනය කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී තමන්ට එරෙහි චෝදනාවට සැකකරු වරද පිළිගත්තා.

සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ විත්තියේ නීතිඥ උදයංග අතපත්තු අධිකරණයට පවසා සිටියේ, එළැඹෙන 29 වැනිදා සැකකරුගේ දෙමාපියන් වෙනුවෙන් නිවසේ පැවැත්වීමට නියමිත "දානමය" පින්කමක් වෙනුවෙන් නිවස අවට පිරිසිදු කිරීමට අවශ්‍ය තණකොළ කපන යන්ත්‍රයට යෙදීම සඳහා මෙම පෙට්‍රල් ලීටර් 4 තබාගෙන සිටි බවයි.

මෙය විකිණීමේ හෝ ජාවාරම් කිරීමේ අරමුණින් තබාගත්තක් නොවන බව අවධාරණය කළ නීතිඥවරයා, අදාළ පින්කම පැවැත්වෙන බව තහවුරු කිරීම සඳහා ප්‍රදේශයේ විහාරාධිපති හිමියන් විසින් නිකුත් කරන ලද සහතික පත්‍රයක් ද අධිකරණයට ඉදිරිපත් කළා.

තවදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා පෙන්වා දුන්නේ අදාළ පනත ප්‍රකාරව පාරිභෝගිකයෙකුට පෙට්‍රල් සන්තකයේ තබා ගැනීමේ අයිතියක් පැවතියද, ළඟ තබා ගත හැකි නිශ්චිත ප්‍රමාණය එම පනතේ සඳහන් කර නොමැති බැවින් මෙලෙස නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් පවතින බවයි.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු වරද පිළිගැනීම මත පදනම්ව මෙම දඬුවම නියම කිරීමට පියවර ගත්තා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka