gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ සුරේෂ් සලේට දින 03ක රැදවුම් නියෝග ලබා ගනියි

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ බවත් ඒ අනුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලීසිය පවසයි.

සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබූ සාක්ෂි මත පදනම්ව බව ද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියේය. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකළ යුතුව ඇති බැවින් ඒ පිළිබඳ තොරතුරු ඉදිරියේ දී අනාවරණය කරන බවය.

එම හේතුව පැය කිහිපයක් තුළ අනාවරණය කිරීම අපහසු බවද සඳහන් කර සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා, පොලීසියේ කාර්ය නිසි ලෙස ඉටුකර ඇති බවත් කියා සිටියේය.

අත්අඩංගුවට ගත් හේතුව නිසි ලෙස අනාවරණය නොකර විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පොලීසියට එරෙහිව කැම්පේන් එකක් සිදුව ඇති බවට මාධ්‍යවේදීන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ඔහුව අත්අඩංගුවට නොගෙන සිටියේ නම් පොලීසියට විරුද්ධව කැම්පේන් සිදුවිය යුතුව තිබූ බවය.

එමෙන්ම විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගෙන් ඉදිරියේ දී සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසීය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වු නීති දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ දී දින 3ක් රඳවා ගැනීමේ හැකියාව හිමිවෙන බවය.

ඉන් අනතුරුව සාක්ෂි මත පදනම්ව රඳවා ගැනීමේ නියෝගයක් ලබාගැනීමට කටයුතු කළ හැකි බවද පැවසු ඒ මහතා, ඒ සඳහා නෛතික ප්‍රතිපාදන ඇති බවත් කියා සිටියේය.

සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුවත් කරන බවද නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka