gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු අධිකරණ ඇමති සබ්රිගෙන් X සටහනක්!

ශ්‍රී ලංකාවේ යුද හමුදාවට සහ එහි බුද්ධි අංශයට අද කනස්සල්ලට පත්ව දිනයක් බව හිටපු විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එහිදී හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා පෙන්වා දෙන්නේ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා යනු එල්ටීටීඊ බුද්ධි ජාලය බිඳ දැමීම, එල්ටීටීඊයේ උසස් නායකයින් ඉලක්ක කර ගත් බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්ම කිරීම සහ කේ.පී. වැනි එල්ටීටීඊ නායකයින් අත්අඩංගුවට ගැනීමට වැනි කටයුතුවලට සම්බන්ධ වී ක්‍රියාකළ නිලධාරියෙකු බවය.

රටට අභියෝගාත්මකම කාලවලදී ජීවිත අවදානමද නොතකා සේවය කළ නිලධාරීන් අද දේශපාලන වාද-විවාදවල මැදට ඇද දැමීම බොහෝ දෙනා කනස්සල්ල ලක්වන කරුණක් බව හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා පෙන්වා දෙයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතිය යටතේ වගකීම් භාරගැනීම අත්‍යවශ්‍ය වුවද, එය සාධාරණත්වයෙන්, සීමාවෙන් සහ ආයතනික අඛණ්ඩතාවයට ගරු කරමින් සිදුකළ යුතු බවත් හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කරයි.

හිටපු අමාත්‍යවරයා සිය X ගිණුමෙහි සඳහන් කර ඇත්තේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ යුතු වූ විමර්ශනය වෘත්තීයමය සහ සාක්ෂි පදනම් කරගත් ක්‍රියාවලියක් විය යුතු බවත් ඒ වෙනුවට, අපට වැඩි වැඩියෙන් දකින්නට ලැබෙන්නේ සංකීර්ණ පරීක්ෂණයක් මහජන දර්ශනයක් බවට පරිවර්තනය වීම බවත්ය.

එමෙන්ම දේශපාලන වාසි සඳහා පාස්කු ප්‍රහාරය භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය සහ දිගුකාලීන ආරක්ෂක අභිරුචිවලට හානිදායක විය හැකි බවට ද අවධානය යොමු කෙරේ.

ජාතික ආරක්ෂාව දේශපාලන ගැටුම්වල අතුරු ප්‍රතිඵලයක් බවට පත් නොවිය යුතු බව හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා පෙන්නවා දෙයි.

ශ්‍රී ලංකාව සත්‍යය හා යුක්තිය සොයා යා යුතුය. එහෙත් එය නීතිය, සාක්ෂි සහ වගකීම් සහිත නායකත්වය මත පදනම්ව සිදු විය යුතු අතර, ජනතාව වෙන්කර හෝ මඟ හැරවීම සඳහා නිර්මාණය කළ නාට්‍යමය ක්‍රියාමාර්ග මත නොවිය යුතු බව ද හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා අවසන් වශයෙන් අවධාරණය කර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka