gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශම්මි ගෙදර යනු – දූෂිත ක්‍රිකට් පාලනයට එරෙහිව දැවැන්ත ජනතා විරෝධතාවක් ලබන ඉරිදා!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩ බිඳවැටීමට සහ පාලනාධිකාරියේ දූෂිත ක්‍රියාකලාපයට එරෙහිව ක්‍රීඩා ලෝලීන් සංවිධානය කරන දැවැන්ත විරෝධතාවක් ලබන මාර්තු මස පළමු වන ඉරිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය. 

“ශ්‍රී ලංකා ක්‍රිකට් බිඳ වැටෙයි! නැගිටිමු!” යන තේමාව යටතේ සංවිධානය වන මෙම විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ වත්මන් සභාපති ශම්මි සිල්වා ඇතුළු පාලක මණ්ඩලය වහාම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි.

විරෝධතාකරුවන් අවධාරණය කර සිටින්නේ දූෂිත පාලනය අවසන් කර, සෑම දිස්ත්‍රික්කයකම දක්ෂ ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සාධාරණ අවස්ථාවක් හිමිවන විනිවිදභාවයකින් යුතු පද්ධතියක් සකස් කළ යුතු බවයි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වන මෙම විරෝධතාව සඳහා දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවර ලෝක කුසලාන තරඟාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමත් සමඟ ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව ජනතා අප්‍රසාදය උපරිම මට්ටමකට පැමිණ ඇති අතර, ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් පාලන පද්ධතියේ වහාම වෙනසක් සිදුවිය යුතු බව සංවිධායකයෝ පවසති.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka