gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට මරණ දඬුවම දිය යුතුයි – සරත් වීරසේකර

අරගලය පැවති සමයේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට මතවාදය සකසමින් සමාජය තුළ වෛරය වැපිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට ද මරණ දඬුවම ලබාදිය යුතු බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

අතුකෝරළ මන්ත්‍රීවරයාගේ ඝාතන නඩුවෙන් පසු අධිකරණය දොළොස් දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කල බවත් එම තීන්දුව වැරදි බව ප්‍රකාශ කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව හිටපු ඇමතිවරයා පෙන්වාා දෙයි.

අද කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ සරත් වීරසේකර මහතා තවදුරටත් කියා සිටියේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට අනිවාර්යයෙන්ම මරණ දඬුවම නියම කළ යුතු බවයි.

අමරකීර්ති ඝාතන නඩුව වසර තුනක් සියලුම සාක්ෂි, වෝහාරික තාක්ෂණය යොදවා දීර්ඝ නඩු විභාගයකින් පසු දඩුවම් ලබාදීම සිදුකර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙසේ ද පැවසීය.

“මරණීය දණ්ඩනයට නියම කරන විට අපි කවදාවත් සතුටුවෙන චිරස්ථීන මනසක් තිබෙන පිරිසක් නොවේ. මෙහිදි බැලිය යුත්තේ කෙසේද මේ අහිංසක අතුකෝරළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව ඝාතනය කළේ කියලා

එදා නිට්ටඹුවේදි ඔවුන්ව රථයෙන් බස්සලා හොඳටම පහරදී ඝාතනය කර ඉන්පසු ප්‍රාණය නිරුද්ධ වූ සිරුරුවලට මහා පාරේ සිට පොලුමුගුරු වලින් ගහනවා අපි දැක තිබෙනවා.

මේ වෛරය පතුරවා තිබෙන්නේ මහාචාර්ය නිර්මාල් දේවසිරි මහත්තයල . ඔහු දැනටත් ප්‍රකාශ කර සිටිනවා ජනතා නැගිටීම මම අනුමත කළා තවමත් අනුමත කරනවා කියලා. එසේනම් මේ වෛරය වපුරපු , ඝාතනයට ඝෘජුව සම්බන්ධ වූ නිර්මාල් දේවසිරි මහතාටත් මරණිය දණ්ඩනය දිය යුතුයි.

එසේම අරගලය අවස්ථාවේ බස් ගිනි තිබ්බා, මිනිස්සුන්ට පහර දුන්නා, ගෙවල් ගිනි තිබ්බා, දේපළ ගිනි තිබ්බා, බේර වැවේ අපේ පිරිස ගිල්ලුවා, මිනිස්සු මැරුවා. මේ වගේ දේවල් වන විට ඇයි නීතිය ක්‍රියාත්මක කළේ නැත්තේ. ඒ නීතිය හරියාකාරව ක්‍රියාත්මක වුණානම් අමරකීර්ති මන්ත්‍රිතුමා මැරෙන්නේ නැහැ. ඒ වගේම මේ දොළොස් දෙනාට මරණීය දණ්ඩණය හිමිවෙන්නෙත් නැහැ.

එදා පොලිසියට වෙනම නියෝගයක් පැමිණ තිබුණා අවි ගබඩාවෙන් අවි නිකුත් කරන්න එපා කියලා. පොලිස් දෙපාර්තමේන්තුවේ පැහැදිලි නියෝගයක් තිබෙනවා ඕනෑම සංවිධානාත්මක කල්ලියක් සංවිධානය වී, දේපළ විනාශ කරනවාද? මිනිස්සු ඝාතනය කරනවාද? ඔවුන්ට වෙඩි තියලා එය පාලනය කරගන්න. එසේ පැහැදිලි නියෝගයක් තිබියදී මේ වගේ මිනිස්සු මරද්දි, දේපළ විනාශ කරද්දි එය කළේ නැත්තේ එය කරන්න එපා කියලා කවුරු හෝ නියෝගයක් ලබා දීලා තිබෙන නිසා” යැයි වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka