gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැන් මේ පොඩි ළමයින්ට ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන විදිහ ගැන කියල දෙනවා දෙයියනේ – මැදගොඩ අභයතිස්ස හිමි

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වර්තමාන වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අදහස් දක්වා තිබේ. උන්වහන්සේ අවධාරණය කරන්නේ කුඩා දරුවන්ට “ආරක්ෂිත ලිංගික සබඳතා” පිළිබඳව ඉගැන්වීමට වඩා, එවැනි ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමට ඔවුන්ව පොළඹවා ගැනීම බලධාරීන්ගේ වගකීම විය යුතු බවයි.

දැන් මේ පොඩි ළමයින්ට උගන්වන්නේ ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන විදිහ ගැන. දෙයියනේ.. ඒව නොකර ඉන්නයි ළමයින්ව පොළඹවන්න ඕනේ. ඒකයි නියම මඟ පෙන්වීම,” යැයි උන්වහන්සේ පැවසූහ.

තමන් මෙම කරුණු ඉදිරිපත් කරන විට ඇතැම් පිරිස් එය “දේශපාලනයක්” ලෙස හංවඩු ගැසීමට උත්සාහ කරන බවත්, නමුත් තමන්ගේ එකම අරමුණ මෙරට දරුවන් රැක ගැනීම පමණක් බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka