gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නොරොච්චෝල බිද වැටිය හැකියි... කිසිම යන්ත‍්‍රයකින් 300MW හදන්න බෑ... ඉතිහාසයේ කිසි දිනෙක මෙහෙම වුනේ නෑ...- විදුලි ඉංජිනේරුවන් මාධ්‍ය හමුවේ!

නොරච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා මෑතකදී ආනයනය කරන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් බලාගාරයේ උපරිම ජනන ධාරිතාව ලබා ගැනීමට බරපතල බාධා එල්ල වී ඇති බව විදුලි ඉංජිනේරුවන් අනාවරණය කරයි.

විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ දැනට ගෙන්වා ඇති ගල්අඟුරුවල පවතින ගුණාත්මක භාවයේ අඩුවීම හේතුවෙන් බලාගාරය සතු උපරිම ධාරිතාවය කරා ළඟා වීමට නොහැකි තත්ත්වයක් නිරීක්ෂණය වී ඇති බවයි. 

විශේෂයෙන්ම, මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුත් ජනන යන්ත්‍ර මගින් එම සම්පූර්ණ විදුලි ප්‍රමාණය උත්පාදනය කිරීමට නොහැකි වී තිබේ. 

මෙහිදී පළමු ජනන යන්ත්‍රයට සාපේක්ෂව තුන්වන ජනන යන්ත්‍රයේ ධාරිතාවය ලබා ගැනීමේදී කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව විදුලි ඉංජිනේරු සංගමයේ විධායක සභික දුලාන් සපුතන්ත‍්‍රී මහතා පවසයි.

ඉතිහාසයේ කිසිම අවස්ථාවන එක් යන්ත‍්‍රයකින් මෙගාවොට් 300ක් නිෂ්පාදනය කිරීමට නොහැකි ගල් අගුරු මෙරටට ගෙන්වා නැති බවත් ඔහු පැවසීය.

මෙම තත්ත්වය හුදෙක් විදුලි නිෂ්පාදනය අඩුවීමට පමණක් සීමා නොවී, බලාගාරයේ පද්ධති සහ උපකරණවලට ද දැඩි බලපෑම් එල්ල කළ හැකි බව ඔහුගේ අදහසයි. 

බාල ගල්අඟුරු භාවිතය නිසා බලාගාරයේ පද්ධතිවල හදිසි බිඳවැටීම් (Breakdowns) සිදුවීමේ අවදානමක් පවතින බවත්, එම බලපෑම ඕනෑම අවස්ථාවක සිදු විය හැකි බවත් හෙතෙම අවධාරණය කරති.

නොරච්චෝලේ බලාගාරයෙන් අපේක්ෂිත මෙගාවොට් ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි වන විට, එම හිඟය පියවා ගැනීම සඳහා වෙනත් බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට සිදුවේ. 

ඒ සඳහා වැය වන අතිරේක පිරිවැය එවකට පවතින විදුලි ඉල්ලුම සහ මිල ගණන් (peak plant cost) අනුව තීරණය වන බැවින්, එය විශාල මූල්‍ය බරක් බව ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

මෙලෙස සිදුවන අතිරේක පාඩුව බාල ගල්අඟුරු සැපයූ සමාගම්වලින් අය කරගන්නා දඩ මුදල් මගින් පියවා ගැනීමට ඇතැම් විට හැකි වුවද, සෑම අවස්ථාවකදීම එය සාර්ථක නොවන බවද මෙහිදී අනාවරණය විය. 

එබැවින් ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් රටේ විදුලි පද්ධතිය මෙන්ම ආර්ථිකය ද දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව විදුලි ඉංජිනේරුවන් වැඩිදුරටත් සඳහන් කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka