gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රේක්ෂකයන් අපට හිනාවෙනවා.. ඒකට රජය වහා පියවරක් ගන්න.. ඇයි negativity එක මෙච්චර පතුරවන්නේ? - දසුන්

ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ නවසීලන්තය සමග පැවති තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වටා වර්තමානයේ නිර්මාණය වී ඇති අධික Negative වාතාවරණය පාලනය කිරීමට රජය හෝ මැදිහත් විය යුතු කාලය එළඹ ඇති බවයි.

ක්‍රීඩකයන්ට එල්ල වන බාහිර බලපෑම් සහ විවේචන සම්බන්ධයෙන් අදහස් දැක්වූ නායකයා, තරග පරාජයකින් පසු විශාල පිරිසක් මයික්‍රෆෝන අල්ලාගෙන සිටින්නේ ඇයිද යන්න ප්‍රශ්න කර සිටියේය. "ඇයි negativity එක මෙච්චර පතුරවන්නේ?" යනුවෙන් ඔහු එහිදී විමසා සිටියේය.

මෙම ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ මානසික උපදේශක ලෙස කටයුතු කළ පැඩි ඇප්ටන්ගෙන් ක්‍රීඩකයන්ට විශාල සහයෝගයක් ලැබුණු බව දසුන් මෙහිදී සිහිපත් කළේය. 

"ක්‍රීඩකයන් විදිහට අපිට outside noise එක කන්ට්‍රෝල් කරන්න හරි අමාරුයි. ක්‍රීඩකයෝ විදිහට අපි කොච්චර positive හිටියත්, එළියෙන් ගොඩක් තැන්වල නෙගටිව් පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති එකම ප්‍රධාන ක්‍රීඩාව ක්‍රිකට් බවත්, මෙවැනි තත්ත්වයක් යටතේ ක්‍රිකට් ක්‍රීඩාව පවා රැකගැනීමට අපහසු වනු ඇති බවත් නායකයා පෙන්වා දුන්නේය. තරගාවලියකදී සිදුවන පරාජයන් පිළිබඳව සාකච්ඡා කර ඒවා නිවැරදි කරගන්නවා වෙනුවට, සෘණාත්මක දේ පැතිරවීම ඉදිරියට පැමිණ ඇති බව ඔහු සඳහන් කළේය.

අනාගතයේදී කණ්ඩායමට එක්වන ක්‍රීඩකයන්ගේ Mental Health වෙනුවෙන් හෝ මෙම තත්ත්වය පාලනය කළ යුතු බව දසුන් ශානක අවධාරණය කළේය. 

"ඉදිරියට එන ක්‍රීඩකයන්ට සපෝට් එකක් විදියටවත් ඒ දේවල්  හරි නැවැත්වුවොත්, ඒක ඔවුන්ගේ මානසික සුවයට ලොකු පහසුවක් වෙයි," යනුවෙන් නායකයා ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka