gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශිරන්ති - නාමල් CIDයෙන් පිටව යයි

හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් ඇත. 

ඇයගෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදුකර ඇත්තේ පැය හතරකට ආසන්න කාලසීමාවකි.

'සිරිලිය සවිය' ව්‍යාපෘතියේ කටයුතු සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව මෙම කැඳවීම සිදුකර තිබුණි.

 මුලින් ඇයට පසුගිය 27 වැනි දින අදාළ අංශය හමුවට පැමිණෙන ලෙස දන්වා තිබුණද, එදින ඇය පෙනී නොසිටියාය.

සිය නීතිඥ පාර්ශවය හරහා පණිවුඩයක් එවමින් ඇය ඉල්ලා සිටියේ එම අවස්ථාව සඳහා සූදානම් වීමට සති දෙකක අතිරේක කාලයක් අවශ්‍ය බවයි.

අද දින ඇය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ මෙලෙස ප්‍රකාශය සටහන් කර තිබේ.

මේ අතර පැය හතරකට ආසන්න කාලයක් ප‍්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාද රහස් පොලිසියෙන් පිටව ගොස් ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka