gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව පනත ගෙනාවේ කුළීකාරයෝ රකින්න… 159 දෙනාම ගෙයක් දොරක් නැති කුළීකාරයෝ….! – දයාසිරි ජයසේකර

ආණ්ඩුව කුළී නිවාස පිළිබඳ ගෙනැවිත් ඇත්තේ කුළී නිවාස හිමියාට වඩා කුළී නිවැසියාට අයිතිවාසිකම් හිමි වන අසමබර නීතියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

“කුළී ගෙදරක යමෙක් පදිංචි වෙලා ඉන්නවා නම් කුළී හිමියා නෙමෙයි, කුළීකරුවා ආරක්ෂා කරන්න තමයි ආණ්ඩුව පනත ගේන්නේ. යම් පුද්ගලයෙක් මාස තුනක් අඛණ්ඩව පදිංචි වී තිබීම පමණයි, මේ බදු පනතට අනුව අවශ්‍ය වෙන්නේ.

කුළීකරුවා නිවසේ පදිංචි වෙලා මාස තුනකට පස්සේ කුළී ගෙවන එක නතර කරනවා. හැබැයි නිවසේ වතුර ලයිට් හෝ කිසිම පහසුකමක් නැති කරන්න බෑ. ගිවිසුම අනුව නිවස ප්‍රතිසංස්කණය කළ යුතු නම් ඒවත් කරන්න ඕන. ගෙදරින් යන්නෙත් නෑ, කුළී ගෙවන්නෙත් නෑ. මාස තුනකින් නඩුව අවසන් කරන්නත් ඕන. මාස තුනේ නඩුව අවුරුදු දහයක් ඇදුණොත් විනාශයි.

කුළීකරුවා පළවා හැරලා නිවසේ අයිතිකාරයා නිවසේ පදිංචි වුණත් අධිකරණයට පුළුවන් අයිතිකරු නෙරපලා නැවත කුළීකරුවා නිවසේ පදිංචි කරවන්න. අධිකරණ තීන්දුයට එරෙහි වුණොත් ලක්ෂ 5ක දඩයක්, නැත්නම් අවුරුද්දකට නොවැඩි සිරදඬුවම්. මිනිස්සුන්ට පිස්සු නෑ, තමන්ගේ ගේ කුළියට දීලා අවුරුද්දක් හිරේ යන්න. මේ ආණ්ඩුවේ ඔළුව හොඳ නැද්ද?

මං හිතන්නේ ආණ්ඩුවේ 159 දෙනාම කුළී ගෙවල්වල ඉන්නේ. ඒකයි කුළීකරුවා රකින්න පනතක් ගේන්නේ. මොකද යන්න එන්න තැනක් නෑ.”
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka