gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් - ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්!

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැති ආයතනික නිලවරණයකදී රජය හිතවාදී කණ්ඩායම අන්ත පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කර ගැනීමට විපක්ෂ හිතවාදී කණ්ඩායම සමත්ව තිබේ. 

එහිදී විපක්ෂය ඡන්ද 79ක් ලබා ගනිමින් බහුතර බලය තහවුරු කරගත් අතර, රජය හිතවාදී කණ්ඩායමට ලබාගත හැකි වූයේ ඡන්ද 21ක් පමණි.

කෙසේ වෙතත්, මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වීමෙන් අනතුරුව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා විය. 

එහිදී මෙවර විපක්ෂය නියෝජනය කරමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයෙකු මෙන්ම හිටපු උප සභාපතිවරයෙකු වන අශෝක සුජීව වලාකුල්පොළ මහතා අමානුෂික මැර ප්‍රහාරයකට ලක්ව ඇත. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඒ මහතා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka