gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මොන කෙහෙල්මලක්ද මේ ලිංගික අධ්‍යාපනය? සංවරව ඒවා කරගන්නම් – කොටපිටියේ රාහුල හිමි සඟ සමුළුව දෙවනත් කරයි

මෙරට පාසල් පද්ධතියට හෝ සමාජයට ලිංගික අධ්‍යාපනය හඳුන්වා දීමට දරන උත්සාහය දැඩි ලෙස විවේචනය කරමින්, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් ඊයේ (20) පැවැති මහා සඟ සමුළුවේදී අදහස් දැක්වූහ.

ලිංගික අධ්‍යාපනය යනු “මොන කෙහෙල්මලක්ද?” යන්න ප්‍රශ්න කළ උන්වහන්සේ, ශ්‍රී ලංකාව සතු සංවරශීලී ඉතිහාසය පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කළහ.

අපේ පැරැන්නන් ලිංගික අධ්‍යාපනයක් නොමැතිව වුවද ඉතා සාර්ථක විවාහ ජීවිත ගත කළ බවත්, දරුවන් 10-15ක් ඇති දැඩි කරමින් එම කටයුතු අතිශය ගුප්තව සහ සංවරව සිදු කළ බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

ලාංකීය ජනතාවගේ විනය සහ සංවරය පිළිබඳ සාක්ෂි රොබට් නොක්ස් වැනි විදේශිකයන්ගේ වාර්තාවල පවා සඳහන් වන බව උන්වහන්සේ සිහිපත් කළහ.

මෙරටට මුල්වරට දුම්රිය හඳුන්වා දුන් අවස්ථාවේදී, එහි ඇන්ජිමේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය (පිස්ටනයක් ඇතුළට පිටතට යාම වැනි ක්‍රියාවන්) ලිංගික ක්‍රියාවක් ලෙස වරදවා වටහාගත හැකි අප්‍රසන්න දර්ශනයක් යැයි සිතා, එදා සිටි මවුවරුන් තම දැරියන්ගේ දෑස් වැසූ බවත්, ඒ තරම් උසස් සංවරකමක් ලාංකීය මවුවරුන් සතු වූ බවත් උන්වහන්සේ සඳහන් කළහ.අපිට ලිංගික අධ්‍යාපනයක් අවශ්‍ය නැහැ. අපේ උරුමය තියෙන්නේ සංවරකම මතයි,” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka