gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෑස් හිඟය, හාල් හිඟය මේ රටේ ජනතාවට පුරුදු දෛනික ක්‍රියාවලියක් – රංවල මැතිඳු ගම්පහදී කියයි

රට තුළ ගෑස් හිඟයක් පවතින බව පවසමින් සමාජය තුළ මතවාදයක් ගොඩනැගීමට පිරිසක් උත්සාහ දරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක රන්වල මහතා පවසයි.

භාණ්ඩ බෙදා හැරීමේදී සිදුවන සුළු පමා වීම් පදනම් කර ගනිමින් මෙවැනි මතවාද නිර්මාණය වුවද, ජනතාව පීඩාවට පත්වන අයුරින් කිසිදු හිඟයක් ඇතිවීමට රජය ඉඩ නොතබන බව ද මන්ත‍්‍රීවරයා අවධාරණය කළේය.

ගම්පහ ප්‍රදේශයේදී අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, අඛණ්ඩව ගෑස් ගෙන්වීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන අතර යම් යම් අවස්ථාවලදී බෙදා හැරීමේ සුළු පමාවන් ඇති විය හැකි බවයි.

අදාළ රාජ්‍ය ආයතන හා සමාගම් මේ වන විටත් පවතින අඩුපාඩු සොයා බලා ඒවා යථා තත්ත්වයට පත් කරමින් පවතින බවත්, ඉදිරි දින කිහිපය තුළදී එම තත්ත්වය සම්පූර්ණයෙන්ම සමනය වනු ඇති බවත් ඔහු පැවසීය.

පැවති පෝලිම් යුගය සහ වර්තමාන තත්ත්වය අතර වෙනස පෙන්වා දුන් රන්වල මහතා, පෝලිම්වල සිට ජීවිත අහිමි වූ කාලය සහ වර්තමානයේ ඇති වන සුළු පමාවන් එක හා සමාන නොවන බව සඳහන් කළේය.

ඕනෑම රටක නිෂ්පාදන, මිල හෝ බෙදා හැරීමේ ගැටලු නිසා භාණ්ඩවල සුළු හිඟයන් ඇති විය හැකි බවත්, රජයක් ලෙස එම තත්ත්වයන් පාලනය කිරීමට මැදිහත් වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

තමා ද ගෑස් පාවිච්චි කරන පුද්ගලයෙකු ලෙස පවතින අඩුපාඩු සොයා බලා ඒවා දැන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව තහවුරු කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka