gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බුදුදහමට එල්ල වන බලපෑම්වලට විරෝධය පළ කරන මහා සඟ සමුළුව අද කොළඹදී! මහජන පෙත්සමකට අත්සන් තියන්නත් පටන් ගනී!

වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතව තිබේ.

එම සමුළුව අද පස්වරු 2.00ට බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම සඟ සමුළුව කිසිදු දේශපාලන අරමුණක් මත සංවිධානය කරන ලද්දක් නොවන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළහ.

උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂූන් වහන්සේලාට එල්ලවී ඇති විවිධ බලපෑම්වලට විරෝධය පළ කිරීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ බවය.

මේ අතර, බෙදුම්වාදයට සහ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ඊයේ (19) ආරම්භ විය.

එම මහජන පෙත්සමට අත්සන් ලබා ගැනීම පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන පරිශ්‍රයේදී ආරම්භ කොට තිබිණ.

මෙම වැඩසටහන මැදගොඩ අභයතිස්ස හිමි, ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මල්වානේ චන්දරතන හිමි යන මහචාර්ය පූජ්‍ය හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවට ගුණදාස අමරසේකර සහ කල්‍යානන්ද තිරාණගම ඇතුළු ජාතික සංවිධාන 60කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් ද සහභාගී වී සිටියහ.

මෙම මහජන පෙත්සම ඉදිරි දිනකදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව සංවිධායකවරුන් සඳහන් කළහ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka