gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සෞඛ්‍ය ඇමති ඇමතිකමට සුදුසු නෑ… GMOA කියයි…

කියා නිමකළ නොහැකි තරම් ගැටලු ගණනාවක් තබාගෙන සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යන බවත් එම ගැටලු විසදා දීමට සෞඛ්‍ය ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා සංවේදී නොවීම හා ඔවුන් ඇතැම් අවස්ථාවන් වලදී කරනු ලබන උද්දඡ්ච උඩඟු ප්‍රකාශනවලින් දැනෙනුයේ නොදැනුවත්නම හේතුවෙන් සිදුකෙරෙන ප්‍රකාශයන් දැයි සැකයක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කරයි.

වෛද්‍යවරුන්ට සෞඛ්‍ය වෘත්තිකයන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යාම ගැටලුවක් වුවත් සෞඛ්‍ය ඇමතිට නියෝජ්‍ය ඇමතිට මෙය ගැටලුවක් නොවන බවත් ඔබට ගැටලුවක් වන්නේ රෝගී ජීවිත දහස් ගණනක් මිය ගිය පසුව දැයි සංගමය ප්‍රශ්න කර සිටින බවත් එවැනි අසංවේදී පුද්ගයන් සෞඛ්‍ය ඇමති තනතුරේ සිටීමට සුදුසු නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.

සෞඛ්‍ය ඇමති , නියෝජ්‍ය ඇමති ලෙස ඔය සෙල්ලම් නරත කර සාකච්ඡා මේසයට පැමිණ ගැටලු හදුනාගෙන විසඳුම් දීමට වහා වහා කටයුතු  කරන්න ලෙසත් ලේකම් වරයා ඉල්ලා  සිටියි.

ආරම්බ කර ඇති වර්ජනය හෙට (18) සිට තවදුරටත් තීව්‍රකරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් මගින් නිකුත් කරන දත්ත වාර්තාවන් නිකුත් කිරීම සපුරා නතර කරන බවත් මේ හේතුවෙන් රෝග නිවාරණය සදහා තීන්දු තීරණයන් ගැනීමට නොහැකි තත්වයක් උදාවනු ඇති බවත් සංගමය පෙන්වාදේ.

ජාත්‍යන්තර මට්ටමින් තීන්දු තීරණයන් ගැනීමේදී මෙම දත්ත වාර්තාවන් නොමැත වීමෙන් රජය මහත් අසීරුවකට පත්වනු ඇති බවත් එම තත්වයන් වලක්වා ගැනීමට සාකච්ඡා මේසයට පැමිණෙන ලෙසත් සංගමය අවධාරණය කරයි.

-ශ්‍රියානි විජේසි‍ංහ
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka