gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මත්කුඩු සමග ටෙලිනාට්‍ය නළුවෙක් අත්අඩංගුවට...

පිළියන්දල ප්‍රදේශයේ නවාතැන්පොළක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්වූවන් අතර ප්‍රකට ටෙලි නාට්‍ය නළුවෙකු ද සිටින බව පොලිසිය තහවුරු කරයි.

මත්තේගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 26 සහ 28 පසුවන අනුරාධපුර සහ පිළියන්දල පදිංචිකරුවන් තිදෙනෙකි.

සොයාගත් මත්ද්‍රව්‍යකොකේන් මිලිග්‍රෑම් 10ක් සහ ගංජා මිශ්‍රිත 'චිප්ස්' වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255කි.

මුලින්ම නගර මධ්‍යයේ පිහිටි බෝඩිම් කාමරය වැටලූ පොලිසිය, අනතුරුව එහි සිටි සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත ප්‍රධාන සැපයුම්කරුගේ නිවස ද පරීක්ෂාවට ලක් කළේය. එහිදී ඉතිරි මත්ද්‍රව්‍ය තොගය හමු විය.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් ලබාගන්නා මෙම මත්ද්‍රව්‍ය, කුරියර් (Courier) සේවාවක් උපයෝගී කරගනිමින් අනුරාධපුර ප්‍රදේශයට බෙදා හැරීමට මොවුන් කටයුතු කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka