gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රණවිරුවන් දේශපාලන ගොදුරු කරනු එපා… සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම රාජ්‍ය බලය අවභාවිතයක්…! – දිලිත් ජයවීර

හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සහ පැය 72 ක රැඳවුම් භාරයේ තබා ගැනීම දැඩිව හෙළා දකින බව සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි.

“සුරේෂ් සලේ යනු මෙරට තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීම සඳහා සිය උපරිම දායකත්වය ලබා දුන් ගෞරවාන්විත සහ අති දක්ෂ රණවිරුවෙකි.

එවැනි නිළධාරියෙකු දේශපාලන පළිගැනීමක ගොඳුරක් වීම ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය පිළිබඳ ගැටළු ඇති කිරීමක් මෙන්ම රාජ්‍ය බලය පැහැදිලිවම අවභාවිත කිරීමක් වේ.

මේ අත්අඩංගුවට ගැනීම සාක්ෂි මත පදනම් නොවී, දේශපාලන ඉලක්ක උදෙසා සිදු කළ එකක් නම් එය සමස්ථ ත්‍රිවිධ හමුදාවේ අභිමානයට සිදු කළ අවමානයකි.
\
ම්ලේච්ඡ ත්‍රස්තවාදයකින් සහ කුරිරු යුද්ධයකින් අප රට ගලවා ගත් ත්‍රිවිධ හමුදා සොල්දාදුවන් කොන්දේසි විරහිතව ආරක්ෂා කළ යුතු බවට සැකයක් නැත.

යුක්තිය සෑම විටකම විනිවිද පෙනෙන, අපක්ෂපාතී සාක්ෂි මත පදනම් වූ ප්‍රපංචයකි.
එසේ නොවන සෑම ක්‍රියාවක්ම ඉතිහාසය විසින් කළු පැල්ලමක් ලෙසට සටහන් කරනු ඇත.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka