gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වාහන සඳහා නව බද්දක් - මිල තවත් ඉහළට

2026 අප්‍රේල් 1 දා සිට ආනයනික වාහන සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත නව බද්ද හේතුවෙන් වාහන මිල ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගෝ සඳහන් කරයි.
පසුගිය අයවැයෙන් එම බද්ද පනවා ඇති අතර සියයට දෙකහමාරක් වන එම බද්ද රේගුවේදීම අයකර ගැනීමට නියමිතය.

සියයට දෙකහමාරක බදු ප්‍රතිශතයක් යනු ඉහළ අගයක් වන බව සඳහන් කළ අරෝෂ රොද්‍රිගෝ ඒ අනුව ලක්ෂ සියයක වාහනයක් ලක්ෂ දෙකහමාරකින් පමණ ඉහළ යනු ඇතැයි සඳහන් කළේය.

පසුගිය මාසයේ සිට ජපානයේ වාහන වෙන්දේසි මිල ද ඉහළ නංවා ඇති පසුබිමක් තුළ ලංකාවට ආනයනය කෙරෙන වාහනවල මිල ඉහළ ගොස් ඇති අතර අප්‍රේල් මාසයේ පැනවෙන නව බදු හේතුවෙන් තවදුරටත්  ඉහල යෑමට නියමිත බවද ඔහු පැවසිය.

වර්තමානයේ තමන් මුහුණ දෙන තවත් ගැටලුවක් වන්නේ වාහන ලියාපදිංචි කිරීමේදී ගතවන කාලය බවද සාමාන්‍යයෙන් සතියක පමණ කාලයක් ඒ සඳහා ගතවන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

( lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා )
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka