gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද සිංහල මහ ජාතිය උපන් බිමේ පීඩිතයන් වෙලා… ආණ්ඩුව සුළුතර වර්ගවාදය පෝෂණය කරනවා…! – හසන් අලාල්දින්…

පසුගියදා මහත් ආන්දෝලයට පත් තිරිකුණාමලය බුදු පිළිමයක් තැබීමේ සිද්ධියට අදාළ ස්ථානයේ පුරාණයේ සිටම බෞද්ධ සිද්ධස්ථානයක් පැවති බව සර්වජන බලය මාධ්‍ය ලේකම් හසන් අලාල්දින් පවසයි. කොටි ත්‍රස්තවාදීන් මුලින්ම පහර දුන් නැගෙනහිර සිද්ධස්ථානය දෙවනපෑතිස් රජ සමයේ සිට පැවත එන වෙල්ගම් විහාරයට බවත් ඔහු පෙන්වා දෙයි.

 එසේම සාම්පූර්හි සූදුකුඩා නම් ස්ථානයෙහි දාගැබක් බුල්ඩෝසර් කර අන්‍යාගමික ස්ථානයක් ගොඩනැගූ බවත් ඒ ආකාරයට බොහෝ බෞද්ධ සිද්ධස්ථාන වනසා දැමූ බවත් හසන් අලාල්දීන් ප්‍රකාශ කරයි.

පසුගිය සමයේ මුස්ලිම් ජාතිකයන්ට යම් යම් ප්‍රදේශවල වර්ගවාදී ප්‍රහාර එල්ලවන විට එම ජනතාව කෙතරම් පීඩනයට පත්වූයේද යන්න මුස්ලිම් ජාතිකයෙකු ලෙස තමන් මැනවින් දන්නා බවද ඔහු අවධාරණය කරයි.

ඒ ආකාරයටම අද මේ රටේ ප්‍රධාන ජාතිය වන සිංහලයන් භික්ෂූන් වහන්සේලා සිරගත කරමින් මහත් පීඩාවකට පත් කරමින් ඇතැයිද හසන් අලාල්දීන් චෝදනා කරයි. සියලු ජාතීන්ට සමගියෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම වෙනුවට වර්තමාන ආණ්ඩුව එහි අනිත් පැත්ත ක්‍රියාත්මක කරවීම පිළිබඳ සිය බලවත් අප්‍රසාදය පළකරන බවද ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරයා ජාතිවාදය වර්ගවාදය සහ අන්තවාදය නැති කරන බව ප්‍රකාශ කරමින් සතුටු කරන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණය කළ පිරිස දැයි ඔහු ප්‍රශ්න කරයි.

සර්වජන බලය මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් හසන් අලාල්දීන් මේ බව කීය.
-emanisa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka