gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බංගලාදේශ මැතිවරණයෙන් හිටපු අගමැති පුත‍්‍රයා 2/3කින් දිනයි... අරගලකරුවන්ට ආසන පහයි..

2024 වසරේ ඇති වූ දැවැන්ත ජනතා නැගිටීමෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වූ පළමු මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට එරට හිටපු අගමැතිනියක වන කලීඩා ෂියාගේ පුත් තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සමත්ව තිබේ. 

දේශපාලන ස්ථාවරත්වය අපේක්ෂාවෙන් පැවැත්වූ මෙම තීරණාත්මක ඡන්ද විමසීමේදී එරට පාර්ලිමේන්තුවේ ආසන 300න් 209ක් ජයග්‍රහණය කරමින් තුනෙන් දෙකක බහුතර බලයක් තහවුරු කර ගැනීමට BNP ප්‍රමුඛ සන්ධානය සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මිලියන 175ක ජනගහනයක් සහිත බංග්ලාදේශයේ මෑතකදී ඇති වූ දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් එරට ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුළු ප්‍රධාන ආර්ථික අංශ දැඩි පසුබෑමකට ලක්ව තිබූ අතර, මෙම මැතිවරණ ප්‍රතිඵලය හරහා යළිත් ආර්ථික ස්ථාවරත්වයක් ඇති වනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.

මැතිවරණ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ප්‍රකාශයක් නිකුත් කළ BNP පක්ෂය, ජනතාවට ස්තුතිය පුද කළද කිසිදු ජයග්‍රාහී පෙරහැරක් හෝ රැලියක් නොපවත්වන ලෙස තම පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ වෙනුවට රටේ සහ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා මුස්ලිම් පල්ලි, දේවාල සහ පල්ලිවල ආගමික වතාවත්වල නිරත වන ලෙස පක්ෂ නායකත්වය දැනුම් දී ඇත.

BNP පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ඉස්ලාමීය ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ නායක ෂෆීකුර් රහ්මාන් සිය පරාජය පිළිගෙන ඇති අතර ඔවුන්ගේ සන්ධානයට හිමිව ඇත්තේ ආසන 68කි. හුදෙක් විපක්ෂයේ සිටිමින් විවේචනය කිරීම වෙනුවට රට වෙනුවෙන් "ධනාත්මක දේශපාලනයක" නිරත වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ෂීක් හසීනා නෙරපා හැරීමට මූලික වූ තරුණ ක්‍රියාකාරීන්ගේ ‘ජාතික පුරවැසි පක්ෂය’ (NCP) තරග කළ ආසන 30න් ජයග්‍රහණය කළේ ආසන 5ක් පමණි.

ඉන්දියාවේ දේශපාලන රැකවරණය ලබන හිටපු අගමැතිනි ෂීක් හසීනා මෙම මැතිවරණය "සැලසුම් සහගත ප්‍රහසනයක්" ලෙස හඳුන්වමින් ප්‍රතික්ෂේප කර ඇත. ඇයගේ පක්ෂය වූ අවාමි ලීගය මෙවර මැතිවරණයට තරග කිරීම තහනම් කර තිබූ අතර, මෙය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ඇය පවසා තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka