gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘පැලවත්ත’ ගැන කැත කතා කියන්නෙපා... කාගෙවත් කළු කුමාර දිෂ්ටියක් මට නැහැ - බල්තසාර්

‘පැලවත්ත’ කියන වචනය කැත විදියට පාවිච්චි කරන්න එපා. කාගෙවත් කළු කුමාර දිෂ්ටියක් මට නැහැ. පැලවත්තේ එක්කෙනකුගේ විතරක් නෙවෙයි සියලුදෙනාගෙම අදහස් අනුව තමයි මම වැඩ කරන්නේ.’ යැයි කොළඹ මහ නගර සභාවේ මහා සභා රැස්වීමේදී පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් පවසා සිටියාය.

පුරපතිනිය එලෙස ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝයි බෝගහවත්ත කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

රෝයි බෝගහවත්ත - "ඔබතුමිය මාස 8 ක් තිස්සේ මේ සභාව ගැටගහගෙන, ගළපගෙන, පාලනය කරගෙන යනවා. මම හිතන්නේ නැහැ වෙන කිසිම නගර සභාවක මේ තරම් ගැටලු, ප්‍රශ්න, අභියෝග ආවා කියලා. ගම්වල කියනවා ලස්සන ලමිස්සියන්ට කළු කුමාර දිෂ්ටිය වැහෙනවා කියලා. ඒ වගේ ඔබතුමියත් අද මේ සභාව පාලනය කරන්නේ පැලවත්තේ කළු කුමාරයට ඕනෑ විදියටයි. හැබැයි අත්දැකීම් බහුල, බුද්ධිමත්, මන්ත්‍රිවරු සහ නිලධාරීන් මෙහි ඉන්නවා. ඒ අයගේ යෝජනා ලබාගෙන කරගෙන ගියොත් ඔබතුමියට වරදින්නේ නැහැ."

මන්ත්‍රිවරයාගේ එම ප්‍රකාශයට පිළිතුරු ලෙස පුරපතිනිය වැඩිදුරටත් මෙසේද කීවාය.

‘පැලවත්ත’ කියන වචනය මේ සභාවේ දිගින් දිගටම කියනවා. අපේ දේශපාලනය වෙනස්. මම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මේ ආසනයට ආපු කෙනෙක්. මම ගන්නේ මගේ මන්ත්‍රිවරු 48 දෙනා සහ අපට සහාය ලබා දෙන මන්ත්‍රිවරු සහ මේ හැම දෙනාගෙම පැත්තයි. හැබැයි මගේ දේශපාලනය වෙනස් වෙන්නේ නැහැ. අපට තියෙන්නේ මතයක්. ඒ මතය තමයි ඉදිරියට ගෙනියන්නේ. පැලවත්ත කියන වචනය කැත විදියට පාවිච්චි කරන්න එපා. කාගෙවත් කළු කුමාර දිෂ්ටියක් මට නැහැ. හැබැයි මෙතන වැඩ කරනකොට සමහර වෙලාවට ආවේගශීලි වෙනවා.

- Aruna
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka