gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ ජනප්‍රියත්වය සීයට 25ටත් වඩා පහත වැටී ඇති බව ගම්මන්පිල සොයාගනී!

ආණ්ඩුවට ඡන්දදායකයන්ගේ පවතින සහයෝගය 25% ට වඩා පහත වැටී ඇති බව රහසිගත සමීක්ෂණයකින් හෙළිව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල අනාවරණය කරයි.

පළාත් සභා මැතිවරණ අඛණ්ඩව ප්‍රමාදවීමට හේතුව එය බවද ඔහු පැවසීය.

ජනමාධ්‍ය හමුවක් අමතමින් ගම්මන්පිල පැවසුවේ, තම මෙලෙස අනාවරණය කරන සමීක්ෂණ වාර්තාව අසත්‍ය නම් මාසයක් ඇතුළත පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්කරන ලෙස රජයට අභියෝග කරණ බවයි.

“මෙම වාර්තාව අසත්‍ය නම්, ලබන මාසයේ මැතිවරණය ප්‍රකාශයට පත්කරන ලෙස මම රජයට අභියෝග කරනවා” ඔහු පැවසීය.

2025 මැයි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී රජය 43% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් නමුත් එතැන් සිට එම සහයෝගය 24.7% දක්වා පහත වැටී ඇති බව ගම්මන්පිල තවදුරටත් කියාසිටියේය.

වර්තමානයේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත්, රජයට කිසිදු සභාවක් ජයග්‍රහණය කිරීමට නොහැකි වනු ඇති බවත්, තවදුරටත් ප්‍රමාද වීමෙන් ඡන්දදායකයින්ගේ සහයෝගය සියයට 3 දක්වාත්, ඊටත් වඩා තියුණු ලෙසත් පහත වැටිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka