gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වසර 14කට පසුව හෙට සියලුම නීතීඥයින්ට කොළඹ හදිස්සි රැස්වීමක්!

වසර 14කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට (15) කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසයි.

අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව නීතිඥ සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් අද (14) විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.

හෙට ප.ව. 3ට මෙම හදිසි රැස්වීම කැඳවා ඇති බවද ඔහු කීය.

“අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව අද නීතිඥ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණා. මේක සමස්ත නීතිඥ ප්‍රජාවටම බලපාන සිද්ධියක්. 

මේක අපේ විධායක මණ්ඩලය විසින් තීරණය කර යුතු දෙයක් නෙමෙයි. ඒ නිසා හෙට සවස 3ට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් කැඳවනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඊළඟ පියවර ඒ රැස්වීමේදී තීරණය කරනවා.

මේ රැස්වීම අපි කැඳවන්නේ 2012න් පස්සේ. අවසන්වරට මෙවැනි රැස්වීමක් කැඳවූයේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ඒ දෝෂාභියෝග ප්‍රශ්නයට. ඉන් පසු අවුරුදු 14කට පස්සේ අපි මේ රැස්වීම කැඳවන්නේ.

කොච්චර අපරාධයක් කරත් ඒ හැම අපරාධකරුවෙකුටම පළමුවෙන්ම අපේ නීති සම්ප්‍රදාය නීති පොතේ තියෙනවා. නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් තියෙන පූර්ව නිගමනය. අපි දන්නවා නඩුවල චූදිතයන් ඉන්නවා. බොහෝ අවස්ථාවල ඒ චූදිතයන් නිදොස් කොට නිදහස් කරනවා. ඒක පද්ධතියේ ක්‍රියාකාරීත්වය. ඉතින් ඒ ඒ නීතිඥ මහත්මයෙක්, සේවාදායකයා කවුරු උනත්, සේවාදායකයාට පෙනී සිටලා මේ වගේ සිද්ධියකට ලක් උනහම අපේ මුළු පද්ධතියටම ඒක ප්‍රහාරයක් ඇතිවෙනවා.

නීතියේ ආධිපත්‍ය දැන් තර්ජනයට ලක් වෙලා තියෙන්නේ. ඇත්තටම අද නීතිඥ මහත්මයෙක් වෙන්න පුළුවන්. හෙට තව විනිසුරුතුමෙක් වෙන්න පුළුවන්. ඊට පසු දවසේ පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන්. අපි දැනටමත් දැකලා තියෙනවා බන්ධනාගාර නිලධාරීන්ට වෙච්ච දේ. ඉතින් මේක සුළුවෙන් අපට බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. 

මොකද නීති පද්ධතිය, අපේ රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරනවා. ඉතින් නීති පද්ධතියට මෙවන් තර්ජනයක්, මේ වගේ එළිමහනේ කරපු මේ ක්‍රියාව, අපි දැඩි ලෙස හෙලා දකිනවා. ඊට අමතරව, මම මුලින් කිව්වා වගේ, හෙට දිනයේ හවස තුනට අපි සියලුම සාමාජිකත්වයේ මහාසභා රැස්වීමක් කැඳවලා මේ පිළිබඳව සාකච්ඡා කරලා, සුදුසු තීරණ ගන්නවා. 

සීසීටීවී දර්ශන පාවිච්චි කරලා, අපේ තියෙන තාක්ෂණය පාවිච්චි කරලා අවශ්‍ය පොලිස් නිලධාරීන්, පොලිස් කණ්ඩායම් දියත් කරලා, මේ කට්ටියව අත්අඩංගුවට ගන්න ඕන. නීතිඥ ප්‍රජාවේ සාමාජිකයෙක්ට විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. රටේම තියෙන පොදු ප්‍රශ්නයක්.

මම මුලින් කිව්වා, විනිසුරුතුමෙක්, පොලිස් නිලධාරියෙක්, බන්ධනාගාරයේ නිලධාරියෙක්, ඊට අමතරව වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, බිස්නස් කරන අය අපි දැකලා තියෙනවා ප්‍රශ්න වෙලා තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් වෙඩි තියෙනවා. රජයට වගකීමක් තියෙනවා, පුරවැසියන්, ජනතාව ආරක්ෂා කරන්න.

අපි ඉන්නේ 2026. හැත්තෑ ගණන්වල, අසූ ගණන්වල නෙමෙයි. රජයට අවශ්‍ය විදිහට අපි සහයෝගය දෙන්නම්. නීතියේ ආධිපත්‍ය, සමාජයේ ආරක්ෂාව දැඩි ලෙස ආරක්ෂා කරන්න ඕන.” යැයි පැවසීය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka