gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය : විශේෂ වාර්තා­වක් සීඅ­යි­ඩි­යෙන් අධි­ක­ර­ණ­යට

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරු­ණ­යන් 11 දෙනකු නාවික හමුදා කප්පම් කල්ලි­යක් විසින් අතු­රු­දන් කිරීම පිළි­බඳ නඩු­වේදී අනා­ව­ර­ණය වූ ත්‍රිකු­ණා­ම­ලය ගන්ස­යිඩ් නාවික හමුදා කඳ­වුර පිළි­බඳ විශේෂ වාර්තා­වක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පොල්ග­හ­වෙල මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට මේ වාර්තාව ඉදි­රි­පත් කර ඇත.

එම කඳ­වුර පරි­ශ්‍රයේ අනී­තික ලෙස රඳ­වා­ගෙන සිටි බවට තොර­තුරු අනා­ව­රණය වී ඇති පුද්ග­ල­යන් පිළි­බඳ කරුණු රැසක් මේ වාර්තාවේ අඩංගු වේ.

එසේම එම පුද්ග­ල­යන් රඳවා සිටින කාල­යේදී ඔවුන්ට සිදු වූ වධ­හිංසා පිළි­බ­ඳ­වද එහි රඳවා සිටි පුද්ග­ල­ය­න්ගෙන් ලබා­ගත් ප්‍රකාශ මත රැස් කර­ගත් තොර­තුරු මීට ඇතු­ළත් කර ඇත.

අතු­රු­දන් කරන ලද පුද්ග­ල­යකු පිළි­බ­ඳව පොල්ග­හ­වෙල මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විභාග වන නඩු­වට මෙසේ අදාළ වාර්තාව ඉදි­රි­පත් කර තිබේ.

මේ පුද්ග­ල­යාද රඳවා සිට ඇත්තේ ගන්ස­යිඩ් කඳ­වුරු පරි­ශ්‍රයේ බව මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අනා­ව­ර­ණය කර­ගෙන ඇත.

Silumina
( සටහන | ශාලික විම­ල­සේන)
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka